
කොහේ සිට පැමිණියෙද
ඔබේ බඳ වෙළා සිටිනා කිඳුරු අත
කොහේ සිට පැමිණියෙද
ඔබේ මුව වසන සුන්දර සිනහව
කොහේ සිට පැමිණියෙද
මගේ හිත දවන සුකුමල කිඳුරු අත
කොහේ සිට පැමිණියෙද
තබන්නෙද ඈ ඔබේ මුව මත කිඳුරු හාදු
සලන්නෙද සුළං සේ විසිර යන සුදු සාලු
මකන්නෙද ඈ ඔබේ හිතේ ලියැවෙන පාළු
මට වඩා ඈ ඔබට කොහොම නං වෙද යාළු??
සුළඟ සේ ඈ ඇවිත් වසා ගතිදෝ දෑස
වරල් සලමින් වටා වෙළාගතිදෝ දෑත
සකම්පිත රළක් අස සසල විද ගං දෑල
එසැණකින් ඈ නුඹේ සොරාගතිදෝ දෑන??
Picture - Victor Nizovtsev
ම්ම්ම්?//
ReplyDeletehm..
Delete