Monday, December 7, 2015

සිසිරයෙත් සකුරා මල් පිපෙයි


ඔබ ඇස් මට පෙනෙන්නේ
ඉස මත හිම පිරි ෆූජිසන් මෙන්
වයලීනයක් වයන්නා වැනිය ඔබ කොපුල්
සිලිලාරයක් මෙන් වැයෙන් ඇහි පියන්
නත්සුමෙ බිම් උඩින් පායා එන සඳ මෙන්
රාත්‍රිය මතින් දිලෙනා පැහැයකි ඔබ

නත්සුමෙ පාලමට නැඟි කල
විදුලි දුම්රිය තටු ලද රෑ බදුල්ලෙකු මෙන් පෙනෙයි
"අරිගතො ගොසයිමස්" හෙමින් ඔබ මිමුණන කල
සිසිරයෙත් සකුරා මල් පිපෙයි
අත ඇල්ලුවත් රිදෙයි මට සිතෙයි
හිතනවාටත් වැඩිය තෝකියෝ සඳ මුදුයි

Picture - Charles Courtney Curran 1861-1942