Tuesday, April 30, 2013

ආකාස පිළිබිඹුව

Gunnar Berndtson, Summer

ගිම්හානය
ආකාස පිළිබිඹුව දිය මත
මෙන්න කුඩා ඔරුවක්
වලාකුළු මත පාවෙන

pic. - Gunnar Berndtson, Finnish, 1854 - 1895

දේදුන්න

M Cristina Baracchi, Ferma per un Attimo

තුහින සළුවක වෙළී
කවි ලියයි
දේදුන්න!


pic. - M Cristina Baracchi, Italian 



Monday, April 29, 2013

සමාගම* දවන විට ඇති තරම් මගෙ ලෙය


Karol Bak, title unknown

දැවී යන්නට බැරිය ඔබේ ඇස තුළ මට
සමාගම* දවන විට ඇති තරම් මගෙ ලෙය
ගීතයක් වෙලා කඳු සිසාරා වන දහන
ගැයෙන්නට බැරිය මට
අසිපතක් වෙලා උන් සිඳින සඳ තුරු කඳ

ඇතැම් විට
දුර ඈත පෙදෙසක
කිසි දාක දැක නොමැති
ඕක් තුරු අතර ඇඳී ඇතිද ජීවිතය!!

වැටෙන්නට ඔන්න මෙන්න ව නියමිත
සුසුමක් ව අහසට විසිරෙන
නිල ගිලිහි කාලයකි මෙහි
කතරක කඳුළු ගුලි වුණ

බලාපොරොත්තු ගුලි වෙන
වැහි වලාවක් වුව නොමැති නුබ ගැබ
ජීවිතය ම සිහිනයකි
ඉරි තලා විසි වුණ

අණක් ඕනෑ නම්
වැහි වලාවකට එන්නට
සෙමින් මිය යමි මම
සොහොන් කොත 'ලංකාර වන්නට

ජීවිතය නම් කොහොමත් ම පහසු නැත
දිගට හරහට කැපෙන විට කඳ සමඟ ගස
'පල නොදැරූ ගසකැයි'
නැතැක් අය ලියන්නට ඉඩ ඇත

Pic. - Karol Bak, Polish, born 1961 


කොයිද සිරි සිරි පොද වැස්ස?

Louise Abbema, A Striking Beauty

තනිකම මෙතරම් ම දැනී නැත
බලාපොරොත්තු මෙතරම් ම සිඳී නැත
බිම විසිරි මලක් හෝ නොමැති තැන
කොයිද සිරි සිරි පොද වැස්ස

Pic. - Louise Abbema, French, 1858 - 1927

"මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" ලිපි පෙළෙහි දිගු

http://www.mediafire.com/file/66sbiutclw9lpdi/Maharahathun_wedi_maga_osse-1.pdf.pdf

http://www.mediafire.com/file/3py4xmbimxr23ao/Maharahathun_wedi_maga_osse-2.pdf.pdf

http://www.mediafire.com/file/vv9fuh26m4bglox/Maharahathun_wedi_maga_osse-3.pdf.pdf

http://www.mediafire.com/file/tz6xtdrieyk4adr/Maharahathun_wedi_maga_osse-4.pdf
http://www.mediafire.com/file/gblh5ad17flrdj7/Maharahathun_wedi_maga_osse-5.pd‍f.pdf

Sunday, April 28, 2013

කුරා කුහුඹුවෝ අප

Beach

කාලයේ වෙරළ මත
සිතිවිලි වාසුළි සමඟ තැවෙමින
ගමන් ගන්නා නැතක් දුර
කුරා කුහුඹුවෝ අප
වෙහෙස වී තැනින් තැන නවතින
නික්ම යන යළි එන
අයාලේ ඇවිදින
සුළඟ හා නවතින
කිසිවෙකුට නොපෙනෙන
සුළියක් ව කැරකෙන


pic. - Floris Arntzeniu, Dutch, 1864 - 1925 

ඔබ


බිම් ගෙයක්
 ඔබ
කුඩා එළි තිත් සහිත

pic. - Tunnel of Love, Ukraine by Vitalii Sak
 
 

Friday, April 26, 2013

විලාසිනියේ විලාසිනියේ

Dorset Landscape

ගයන්නේ ඔබ කොහේ ඉඳලද
විලාසිනියේ විලාසිනියේ
කිම්ද ඔබගේ හඬ සැලෙන්නේ
බිඳ දැමූ මුදු මුහුදු රළ සේ
සියල් මෘගයන් එක් ව වට වී
පහරනා විට මලක පෙති සේ
සිය දහස් වර මිදුණු හඬදෝ
සසැලි සසැලී පාව එන්නේ
බිඳී වැළපෙන අසනි සැර වී
නොනැවතී නුබ මතු ව එන්නේ
.
තරු වපුළ රාත්‍රිය යටින්
හඬක් හෝ දැනේදැයි බියෙන්
පලා යන විට ඈතකට
තලා දැමුවෙද රාත්‍රිය
වලාවක් හෝ ඇදී එන්නට
සඟව ගන්නට වණ ගත
පමා වූවෙද පමා වූවෙද
විලාසිනියේ විලාසිනියේ

ගයන්නේ ඔබ කොහේ ඉඳලද
විලාසිනියේ විලාසිනියේ
කිම්ද ඔබගේ හඬ සැලෙන්නේ
මරණයක් සේ මතු ව එන්නේ
මිනිස් ලොවකින් නොමිනිසුන් වෙත
විලාසිනියේ විලාසිනියේ

නිමිත්ත - http://romatearne.blogspot.com/2013/03/ranis-story.html

Pic. - John Nash, British, 1893 - 1977




නොඅසන්න මගෙන් මා ජීවත්වූයේ දෙව්ලොවද කියා...

මොනතරං සුන්දරද මීදුම
කඳු සිපන් ඇදෙන කොට
අන්න අර අහසෙ මුල
රිවි පබාවන් තැවෙන
මන්ද සීතල මෙහෙම
සිහිල් දිය බිඳු ගලන
කන්ද වුව මොනතරං
කවියක්ද මට හිතෙන







Wednesday, April 24, 2013

ක්‍රීඩා උත්සව දවසේ



ක්‍රීඩා උත්සව දවසේ ගේට්ටුවට උඩින් උඩින් අයිස් පලම්මයි පෙණුනේ
හවස හයට අස්ව කුරෙන් හැතපුම් ගානක් යන කොට
කැඩී බිඳුණු පාලම් ටික හිනා වුණා හරි හරියට
යෝධ යකඩ ඇස් ඇරගෙන

පත්තර කන්තෝරුවෙ වැඩ කරනා ලොකු මාම කෙනෙක්
තුවක්කුවක් වගේ එකක් දික් කරාන ආ දවසේ
ඔය අද්දර පඳුරු කොණේ හැංගුණු මගෙ පුංචි යාළු
දැකල අහල ගඟ හරි හරි හරියට හිනා වුණේ හහ් හා..

ඩෙල්ටා ටොපි කොළ තරගෙට ටොපි කන්නට සල්ලි නැතුව
ඉස්කෝලේ ළඟ ඉඳලා ගෙදරට යනකං ටොපි කොළ
බෑග් එකේ හංගගත්ත තරගය නුඹලට මතකද
ඒත් ඉතින් කවදාවත් අපි තරගය දිනුවෙ නැද්ද
දිනන තරග කවදාවත් ඒ වගෙ හමු වුණේ නැද්ද?

ඉන් පෙර සෙයිලමෙන් යළි නුඹ ගම එන්ටයි

Morning Sun Effect, Eragny, 1899

අරුමැති වලා වන මුහුලස පීරන්ටයි
රිවි රැස විසිරි මිණි වී හිස පූදින්ටයි
සර සර රැළි අතර සිහිනය මියයන්ටයි
ඉන් පෙර සෙයිලමෙන් යළි නුඹ ගම එන්ටයි


pic. - Camille Pissarro, French, c.1830 - 1903


අගේ කියා කෙලෙසක ලියමිද සොයුරී??

නුඹ අලංකාර කවියක් ලියා ඇත. ඔබ එය ලියූවේ මහත් වේදනාවෙන් බව මම දනිමි. බොහෝ දෙන 'අගේ ඉමිහිරි' කවක් යැයි එය විචාරා ඇත.



සහේ ගන්ට ආ වන පස මල නාරී
මලින මලැති ලවණින ලවනත පෑරී
සගේ නුඹ අතැරි හද මල් පෙති සීරී
අගේ කියා කෙලෙසක ලියමිද සොයුරී?

ඉමිහිරි නොවන බව ඉඳුරා දුටු බැවිනි
උගුලා ඉවත හළ ඉඳුවර මල සොයමි
පලා පැහැය හළ බිම වැසි දිය දිය වී
කලා සොළස නුබ පෑයූ සැටි දුටිමී!

pic. - Jeffrey R. Watts, American