Friday, April 12, 2013

කුමකටද නිවන් මට????? - පෑරුණු හදින් ලියමි.

සොය සොයා ගොස් පොල් ගස්
පල නෙලූ වේලු
අදත් ආවා ගෙදර
කුසගිනි දැනි හදින
'නෝනා, එක ගෙදරකින් මං
අල්ලා දෙනව කිව්වා පොලිසියට
එහෙම කරන්නට 'හැක්ද
කුසට බතක් ඉල්ලූ විට'
වෙලා ගත් අත දුටිමි මම
තෙත බර දෑස සමඟින
"ජීවත් වෙන්න හයිය දු
න්
අත කැඩුණ වැටී තුරකින්"
කෙසඟ අත විනි විද නැඟි
නහර පෙන්වා ඇසීය ඔහු
"මේ අවුරුද්දෙන් පස්සෙ මං
හිඟමනට යනවා..
අහේනියි අපට"
උපමා රූපක කොහිද
ජීවිතය කවි නොවන කොට
නුඹ වන් මිනිස් කැල අතර
කුමකටද නිවන් මට?

________________________________________________________

පෙර සටහනක්: http://amaleymunasinghe.blogspot.com/2012/08/blog-post_9556.html

2 comments:

  1. උපමා රූපක කොහිද
    ජීවිතය කවි නොවන කොට
    නුඹ වන් මිනිස් කැල අතර
    කුමකටද නිවන් මට?

    මේ වචන හිතට වැදුනා කදු.....

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  2. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete