Wednesday, May 30, 2012

ම හද පුබුදා නැඟෙන්නද මම්

Images of Women

අකනිටාවට නඟින්නද මම්
අගපුඟුල් තෙම ලබන්නද මම්
අගර්විත වූ මනසකින්
අගසිළුව සිඳ නිවන්නද මම්

සයුර අග පිපි කෙමැලි විලසින්
ලොවක් නොදැක ම මියෙන්නද මම්
ගිම්කැලුම් සිඳි පිනි බිඳක් සේ
සිහින නිම කර නො එන්නද මම්

දලදරට තෙමි සිතුවමක් සේ
පාට සේදී මැකෙන්නද මම්
අරුණ සිඹිමින් හෙළ නෙළුම සේ
ම හද පුබුදා නැඟෙන්නද මම්

Picture owner - unknown

අමදිනිය අමදී

Portrait of a Young Breton Woman

අමදිනිය අමදී

කෙලෙස් මිදුලක
පර ව ගිය මල්
අමදිනිය අමදී


හෙළා සුසුමක් නොකළ වරදක
ලිහා යළි යළි වියූ මල්කම
සිහින් සුළඟක් ඇවිත් ගෙන යන
තුරු ම මේ අවලාද ගෙත්තම

පතා අගසස්  පුතුන් දහසක්
නුදුටු සිහිනෙක දැරූ පලයෙක
මඟ වැරදි ලෙස ලියූ මල් කම
කටු පැලඳ ඔහු නැතිව තනි ව ම

Picture -
Paul Sérusier, French, 1863 - 1927

Monday, May 28, 2012

බුදල් නුඹ නොලිව් කවිය කියවමි

මගේ ප්‍රේමය නිමා වී ඇත
කඳුළු කඳු මැද විඩා වී ඇත
බුදල් නුඹ නොලිව් කවිය කියවමි
ම හද හැර ගිය අරුත විමසමි

හුදෙකලා කඳු ගිර වසා
නුඹ මැ විය මා රැකි එ රන් සිහ රදා
බුදල් නුඹ නොලිව් කවිය කියවමි
ගලෙක ඇළලී ගල් ගැසී ඉමි

මා දෑත පිරි කල්හාර පෙති
නුඹ නැති ව මුකුලිත ව ගිය හැටි මෙදා
නුඹ නොදන්නා වුව ද කම් නැති
අසනි වැසි මැද අවපැහැ ව ඉමි

Picture - Sigiriya, Sri Lanka

Saturday, May 26, 2012

රතු පාට පෙති මලක්

සයිබීරියානු තැනි හමා එන සුළඟ
හයියක්ය නුඹ මට
අතීතය නොමළ බව
කවි කිය කියා මුමුණන

පෙර දවස සිහින්
අලෝක කඩතොලු අතර
ඔහු මා සිහිනුකුළැ
රැකවරණ ලැබු'යුර

විප්ලවයෙන් ඔකඳ
රතු පාට පෙති මලක්
ම හිස ගවසා මුදු ව
තරුවක් ලෙසින් වියැක

අහස දුර කොනක හිඳ
අතීතය නොමළ වග පවසන

මලක් සේ ඔබ ඉන්න

Image Found on the Web 


මගේ හද අසපුවේ මලක් ලෙස සැතපෙන්න
ගවු ගණන් දුර ගෙනා මුදු සිහින මට දෙන්න
විහඟ ගී මියුරු සර දෙසවනට මුමුණන්න
මලක් සේ ඔබ ඉන්න, ඔබෙ සුවඳ මට දෙන්න


Picture owner - unknown

මිහිරැතිය මේ වසන්තය


On the Beach Dressed in Pink

මිහිරැතිය මේ වසන්තය
ඇවිද යන්නට නුඹ ම එන සඳ
මිහිරැතිය මේ වසන්තය

කඳු ද තුරු හිස් අඳුරු කර එන
අසනි වැසි හැර පාර කියමින
මිණිදැදිරි මල් මුව සිඹින්නට
වසන්තය දොර කවුළු හැර ඇත

විල් මතින පොබ නිලු ද ඉඳුවර
වියැක නොපෙනී දුර යන්න පෙර
සොඳුර මිණිවර මල් සමය ගෙන
ජීවිතේ දොර පියන් හළ මැන

Picture owner - unknown

මා නෙලූ සුවඳ මල

        












රටා රතු පෑ පෙති මලක්
අහස් කොන ගවසමින්
කඳු තැනිතලා විසිරි
මල් පියලි සනහමින්
මා නෙලූ සුවඳ මල
ප්‍රේමයෙන් සිඹිමි මම

Picture - by me, Bibile