Monday, December 31, 2012

ඔබ කියන්නේ මට පාල* මලක් වන්නද...

ඔබ කියන්නේ මට පාල* මලක් වන්නද
මැදියමක හිත හිරිවැටුණු හීතලේ පිපෙන්නද
සුළඟ සමඟ සෘතු සංහාර අතර පාව යන්නද
ඔබට පුළුවන්ද එතකොට මගේ කළු සුදු සිහින පාට කරන්නට
උද්‍යාන කෙළවරක පහත් කොට ගත් හිසින් යුතුව
ගිම්හාන එළියේ මුහුදු රළ සමඟ
හඬමුද අපි කිසිවෙකුට නොඇසෙන්ට
වලාකුළු කන්දෙන් පැන කඳු දෙබෑ කර පාවෙන්ට

Sunday, December 30, 2012

මුහුදක් වගේ මට අඬන්නට පුළුවන්

woman cry stand inside the sea sunset alone Stock Photo - 11351510

අහසක් වගේ පෙම් කරන්නට පුළුවන්
මුහුදක් වගේ මට අඬන්නට පුළුවන්
මුහුදක් වගේ පෙම් කරන්නට පුළුවන්
අහසක් වගේ මට අඬන්නට පුළුවන්

දිසාවක් නොදැන ම මුලා වෙන ගඟ දිය
කුරවි ගීයක් වගේ විලාපය තිය තිය
අසන කවි වල කුමට අරුත පසිඳම් මම
ආලයට ආලය ම හැර අරුත කවරද

ඇස පිපී මියැදෙන සහස් තාරුකා දිය
හැර අන් කවර බස මිහිරි වෙද පෙමකට
ඉතින් අපි බලා ඉමු ඇසි පියට ඇසි පිය
නිවී යන තුරු දිනෙක දිගු සසර ගමන ම

pic. - 123rf.com

මා කුඩා බිරිඳ

මා කුඩා බිරිඳ
කියවා නැත මම ඔබේ කවි
සුරංගනා කතාවක් ඉල්ලන විට
හිනා වී ඇත මා ඔබට
මම නොදන්නෙමි ඔබ ඔෂෝ ජිබ්රාන්
මම නොයන්නෙමි මුහුදු වෙරළට හෝ උයනට
මට නටන්නට බැරි ය මහ වැස්සේ ඔබ මෙන්
එහෙත් මට දකින්නට හැකි ය ඔබේ දෑස

pic. - "Always" movie

ආදරය මගෙ දෙවියන් ය

ආදරය මගෙ දෙවියන් ය
හමන විට නලක් ලෙස
දිසාවක් නැති වුව ද
ගලන විට ගඟක් ලෙස
රටාවක් නැති වුව ද
ආදරය මගෙ ප්‍රභාතය
ආදරය මගෙ දෙවියන් ය

නුඹ තමයි මගෙ කවියෙ නිහඬ ගැඹුරු ම පද



වන මැදින් ඇවිද යන අතර මඟ වන මලක
පෙමට පෙම උවම් දෙන කඳුළු තිබුණා දුරක
නතර වෙමි කෙලෙස මම අත වනන සඳ අඳුර
දැන් ඉතින් නික්මෙන්න කාලයයි මට සොඳුර

සඳ ඇවිත් මා තුළට බලා සිටියා විටෙක
මැදියමෙත් අපි පහන් නිවා දැමුවා එකට
එක ම සඳ එක ම නුබ පෑයුවත් හැඩ රුවට
මේ කඳුළු පෙමක යැයි මා කියන්නේ කෙලෙස

තරු කුර එක ම තුර එකට තැබුවත් දෙපිය
ප්‍රභාතය ආවෙ අප මුවට දෙසැරයකට
ඉතින් අපි කිසි දිනෙක ලියනු බැරි වූ කව
නුඹ තමයි මගෙ කවියෙ නිහඬ ගැඹුරු ම පද

Pic. - 'Always'

Saturday, December 29, 2012

නතර වෙමු අපි


නතර වෙමු අපි අතර මඟකදී
ආලයත් ආදරය අතරෙහි
මල පිපෙන තුරු තුරුහු සිරසෙහි
නතර වෙමු අපි අතර මඟකදි



සෘතුවක්

සෘතුවක් ඇත
කඳු මුදුන් හිම හමුවන
එතෙක් කඳු ඇස් යොමා පොළොවට
නිහඬව ම නැවතී ඉන්න
ඔව්, සෘතුවක් ඇත
හිම අතර රහස් සැඟවෙන
ආලයෙන් මත් වෙන
මිහිරියාවෙන් වැළපෙන
Pic. - free-slideshow.com
 

A little morning leaf

Photo: මම උදෑසන තුරු පතක්
අහසේ හිම අතර
සැඟ ව යන

I am a butterfly song
hidden in the sky snow...
touching the awakening crescent
hugging my own bound and grudge

I am a little morning leaf
fell down on the earth
and coming to the eye in the thaw

මම උදෑසන තුරු පතක්
අහසේ හිම අතර
සැඟ ව යන

I am a butterfly song
hidden in the sky snow...
touching the awakening crescent
hugging my own bound and grudge

I am a little morning leaf
fell down on the earth
and coming to the eye in the thaw

මම එයට ආදරය යැයි කියමි

කඳු අගිස්සක් ඇත
මුදු ආලයෙන් වෙළුණු
මම එයට ආදරය යැයි කියමි
කුමක් සිතුවත් කුමට
ආලයට අනිත් අය
උනුන් සැම ආලය ම දිනා ගති
මම එයට ආදරය යැයි කියමි



Sunday, December 16, 2012

පුතේ නුඹ එනකල් මම


කොතෙක් කල් බලන් ඉන්නද
පුතේ නුඹ එනකල් මම
කොතෙක් රස කැවිලි හදන්නද
ගෙයි දුඹුළු කඩ කඩන්නද
පුතේ මම බලන් ඉන්නද

අහස දිග තරු වළලු
නුඹ ආස පැණි වළලු
තරු කඩා හැලෙනවලු
නුඹෙ දෑස හොයනවලු

සයුරෙන් එහා පියඹන්න
පුතෙකු ම ඕනෑ ය මවකට
බල නැති වුණොත් මේ සැරයටිය
ආදරය කර තබා පීනන්න

පුතේ නුඹ එන්න
දිය ගංගා දමක ඉකුත් වත් මුමුණන්න
ඉකුත් සයුරක් විලස සයුර කළඹා එන්න



උදා අරුණලු කුසුම


උදේ සිට දිවා කල රණ්ඩුවෙන් පසු කරන
ඉනික්බිති කඳුළු ගෙන හෙමින් හිත පිරි මදින
කලා සොළොසක් පිරුණු සඳ මඬල නොවෙයි ඔබ
කුඩා පිනි කැට වැටුණු උදා අරුණලු කුසුම


මම නැතුව මම නැතුව මා ඉන්න ඔහු එක්ක



විහඟ ගී නද වීතරාගෙන් ගයන්නේ කෙලෙසකද නොදනිම්
අනේ හිමියනි මලක් වී මම ඔබේ පුදසුන මතින් වැතිරෙම්

බෝ පතක් ලෙද ඉතින් ගිලිහ ගියා තමයි හදවත
ඒත් වැස්සක් වෙලා කතරට අඬන්නට බැරිද මට
හඳුන්කූරක් වගේ ගිනි අරන් මගේ හිත
කවි වෙලා දසත විනිවිදයි මනසක සුවඳ

මම නැතුව මම නැතුව මම ඉන්න මම නැතුව
තවත් අය මගේ වෙන්නේ නැද්ද හිමි එවිට
ගලප ගන්න ම බැරි ම අමාරු ම කවිය එය
මම නැතුව මම නැතුව මා ඉන්න ඔහු එක්ක

Saturday, December 15, 2012

හඬයි මගෙ සිත

හඬයි මගෙ සිත
මිරිඟුවක් දැක
ගමන අන්තය මඟැර බෝ දුර
කෙවිලියක් සේ හඬයි මගෙ හිත
දූපතක් සේ බිඳෙයි මගෙ හිත

සයුර නෙක රූ උරා බිව්වෙමි
මවන අසිරිය හදින් දුටුවෙමි
ඔබේ ළමැදේ ගිමන් නිව්වෙමි
සිහිනයක් බව අසිහි කෙරුවෙමි


ඔබේ හද පත්ලේ බිඳී යන
කොරල් පරයක් වගේමැයි මම
තවත් වෙරළක් සිපගන්න ඔබ
බිඳී රළ සේ මිදී යමි මම

මතකද

File:Gao Ranhui - Misty Mountains - Walters 351685.jpg

දියතලාවේ නිම්නවල පිපෙන සුන්දර මල් ගැන
ඔයා මගේ පොතේ ලිව්ව දේවල්
හිතේ විදුලි රේඛා අඳියි
නිමා වුවත් පාසල් දින
අපි තව ම එහෙම ම යි

කහපාට පිපුණු කඳු ගැට
පසු කර යමින් බෝ දුර
බෝඹුරු ඇල්ලෙන් පහළට අපි
ඇද වැටුණා මතකද
හිනාවෙවී අර රොබරෝසියා පසුකරන්
මා ලුහු බඳින විට ඔබ
පලා ගියා මතකද
කන්දක් උඩ කොටා තිබුණා
ඔයාගෙ රූපෙ
හරියට නරියෙක් වගේ
අපි හිනාවුණා මතකද

ෆයිනස් ලන්ද ළඟ හිම වැටෙද්දිත්
රේල් පීලි දෙකක් වගේ අපි
ඇස්වලින් ආලය කළා මතකද
පීලි පැන කෝච්චිය නවතිද්දි
හැමදේම දෙවියන්ට බාර කළා මතකද

Friday, December 14, 2012

කවි බූන්දියෙන්


 BOONDI • Kavi • සෙනසුරාදා, දෙසැම්බර් 15, 2012 • 4 වැනි අවුරුද්ද • 103 වැනි දිනය
  කවි බූන්දි  
අපි අලුත් ආදර කතාවක් වෙමු.
ප්‍රතිචාර[1]

බූන්දි| සිකුරාදා, දෙසැම්බර් 7, 2012| 04:11:24
සොඳුරිය
අපි වන මැදට හැලෙන වැසි වෙමු
කාන්තාර, මංමාවත්, කඳු වෙමු
ඇතැම් විට කුණාටු රළ වෙමු
ඇතැම් විට නිසසල ව ඇවිද යමු
එන්න මා හදවත මතට
අපි අලුත් ආදර කතාවක් වෙමු

මා හද සයුර සිප
ඔබ සඳක් මෙන් නැඟී එයි
එන්න වැස්සට තෙමෙන
තුරු පතක් වෙන්න
අපේ ආලය සයුරු රළ මත ලියැවෙයි
සියලු දේ දරා සිටින මුහුද මෙන් ඔබ සුන්දරයි
ඔබ දැනටමත් මා වී අහවර යි
මට ඔබ තුළ මියයන්න අවැසි යි
අප වෙනුවෙන් නිම්නවල මල් පිපෙනු ඇත
එන්න අපි ඇවිද යමු මල් පිපෙන තැනිතලා දෙසට


Shasika Amali Munasinghe | ෂසිකා අමාලි මුණසිංහ
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  


පසු කර යමි

Mist in the mountains. Caucasus. - Lev Lagorio

මිහිදුම් සහිත තේ වතු
උදෑසන ගී ගයමින් ඇත
මම කවුළුවෙන් එබී බලමින්
පසු කර යමි උදෑසන


හිස් කොළයක්

හිස් කොළයක් වෙමි මම
ඔබට රිසි දෙයක් ඇඳිය හැක
ඕනෑ නම් කවියක්
ඕනෑ නම් සිතුවමක්

කීතු කීතු ඉරිය හැක
හිස් බව පිටින් ම විසි කළ හැක
බිත්තියට තියා ඇණ ගැසිය හැක
ඔබ කුමක් කළත්
මා හිස් කොළයක්

උදෑසන පැතුම




පරවි හදවතක් මත
ලියා තබමි උදෑසන පැතුම
ඔහු ඔබ කවුළුවට
කොනිත්තන්නට ඇත

ගඟ දියට නැවුණු උණ පඳුර
මතුරයි ප්‍රේමයෙන් බිඳක්
ඉතිං අරගෙන ප්‍රේම අවලාද
අහසට පියාසර කරන
සුසුමක් වෙන්න ඔබ

ගංගා ඉවුරුවල
මුමුණන්නේ ය කහ පෑ කුසුම්
අහසේ රෝස පැහැ
කතා කරනු ඇත ඔබට

දෙසැම්බරය අඳුරු 'මුත්
ඔව්, නිල් පෑය අහස ඇස්
ඉතිං දිය කඩිතිවලට තට්ටු කරන්න
මල් පිපෙන තුරු බලන් ඉන්න

Thursday, December 13, 2012

Frozen Lake


It was a frozen lake, my heart
Never bloomed a lotus or swan




Wednesday, December 12, 2012

:)

ට්‍රිෂූර්වලින් සළුවක් එපා මට
හැබැයි ඕනෑ රත්තරන් මලක්
ඒකත් අරන් අපි යං
වෛෂ්ණව වඳින්න
ඔබ කැමති නම් කවියක්
කණට කොඳුරන්න පුළුවන
බර වැඩි නම් ඔය බෑගය
මගෙ කරේ එල්ලන්න
කොල්ලෙක් වගේ ඔබ නට නටා
මා පිටුපස එන්න
දඩබ්බර නම් මගෙ හිත
දම් වැලක් අරන් දෙන්න

Tuesday, December 11, 2012

ඔබ හදවත කිමිද ඉමි


ඔබ හදවත රුධිර නාලිකාවල කිමිද යමි
කේශ නාලිකාවක එල්ලී ඉමි
ඇට මිදුළු පලා යමි
ප්‍රියය ඔබ මුනිවරයෙක්ද මම අසමි

හද සියල් ධ්වනියන් අසා ඉමි
ඉඳ හිට කර්ණිකාවක් බදා ගමි
කෝෂිකාවක ප්‍රේම වැස්සට තෙමෙමි
සබඳ ඔබ ප්‍රේමයදැයි මම අසමි

තත් බිඳ දැමූ සිනිඳු අත්

පාළුවෙන් ඉරි තැලී උන්
මගේ හද වීණාවකැයි ඔබ කීවෙහිය
වාදනය කර සෙමින් හිත
උණුසුමෙහි නද රේඛා මැවුවෙහිය
තත් බිඳ දමා සිනිඳු අත්
දුර ඈත ගෙන ගියෙහිය
ගාන්ධර්වයාණෙනි
ඔබ යළිත් එන්නේ නැත
අයාලේ ගිය මගේ හිත
මම ම පිරිමැද ගනිමි
ඉරි තැලී ගිය තැන්
සෙමින් අලවමි

දුවේ

සඳක ආලය පර ව යන විට
කඳුළු අතරින් එබී මැලවෙන
කිරි දරුවෙකිය නුඹ
මල සුවඳ හැර මලක කටු තුඩ
විස බමර තුඩ නසන පිරිපත
හඳුනගන්නට පමා වුණු සඳ
දුවේ කඳුළය උරුම පවසට

ගඟක් විලසට හඬා හෝ ඔබ
උගත යුතු ම ය මහරු පාඩම
හිරුන් හැම විට හිනා වෙන්නේ
රන් මාල ගෙල පළඳන්න නොව
දුවේ ඔබ මෙය උගත් කලකට
ගඟ සිඳින්නට හිරුට නොහැකිය

සුළඟ හැම විට හමා එන්නේ
නුඹෙ ලැසි බඳ බදන්නට නොව
නුඹව උදුරා දමන්නට වුව
සමත් රාගෙන් බැඳී විය හැක
උගතහොත් නුඹ ලොවේ මේ දම
නුඹ නසන්නට නලට නොහැකිය

Sunday, December 9, 2012

මම එය ඇලීම තුළින් ම සොයා ගතිමි

පැරදුවෙමි සටනට වන් සියලු කඩවසම් කමිස
අහෝ මා සිත පිරී යන සැනසීම
පවසනු පිණිස වදන් වෙද
උදෑසන හිරු එළියට හිනැහෙන්නට
මට උවමනා නැත
වැසි බිඳු ලතාවකට වැටුණ ද
අතර නටා දිය බත් වන්ට උවමනා නැත
මම සරදම් කරමි
මේ ගලන ඉරෙළියට
නටන වැස්සට
නොදන්නා හැඩකි
නොඇලුමේ සැනසුම
මම එය ඇලීම තුළින් ම සොයා ගතිමි

Saturday, December 8, 2012

ආදරය ගෙන ආ..


කුසලානයක් වෙත
සතුට වත්කරන්නා සේ
හදවත උතුරා ගලන ආදරය ගෙන ආ
මේ අමුතු මිනිසා කවුද
වහලියක් නොවන්නැයි ඔහු කියන විට
පියෝනිගෙ දෑසින් බලා සිටිමි මම
තවත් කල්පයකට මට
ප්‍රේමය හා වේදනාව ගැන මිස
වෙනත් කවියක් ලිවිය නොහැකි ය

Thursday, December 6, 2012

පෙම්වතිය

පෙම්වතිය ඔබ මල් රැගෙන
මා එනතුරු රැඳෙන්න
එහෙත් මම දොරක් නැති නිවෙස් හිමියෙක්මි
කිසි විටෙක ඔබට තුළට එනු පිණිස
ඇරයුම් නොකරන
ඔබට පිට ව යන්නට
බල නොකරන

පෙම්වත,
මා ආසියානු කෙල්ලකි
යාම හා ඒම නොවේ අප පිළිවෙත
ජීවිතය පුරා ම රැඳී සිටීම පමණි

පෙම්වතිය, කුමක්ද ඒ ආසියානු සුවඳ
ඔබ සොඳුරු කෙල්ලකි
මම ඔබට බුදු පුදට ගෙන යන
මලකට මෙන් ගරු කරමි

[පෙම්වත Grrrrrrrrrr....]

Wednesday, December 5, 2012

ගිනි කන්දකි

ගිනි කන්දකි මගේ හදවත
ප්‍රේමයේ ලාවා ගලා යන
ඉන් ඔබ මෙන් ම මම
පිළිස්සෙමි පෙම්වත
 

කවුද?

මේ කෝච්චිය එලවායන්නේ කවුද
මේ කෝච්චියේ එල්ලී යන තරුණයින් කවුද
කොච්චිය පසු කර යන සඳ කවුද
කෝච්චියට පෑගෙන මල් කවුද?

ඔහු දුයිෂේන් මෙන්

ඔහු දුයිෂේන් මෙන් ගමින් ගම ගොස් උගන්වනවා ඇත
ළමයින් පිරිවරා ගෙන කලා භවනට යනවා ඇත
මට මෙහි බස් නැවතුම් මඟ හැරෙනවා ඇත
උයනට ගොස් අත පිළිස්සෙනවා ඇත
ඔබ කොහේ හෝ සිට හිනාවෙනවා ඇත
මට අල්තීනා වන්නට එපා කියනවා ඇත

ආදරිය මට කියන්න

ඔහුගේ උදෑසන සුබ පැතුම
මඟ හැරුණු සාගරය
උණ්ඩයකින් රිදුම් ලද
සතෙකු සේ
රළ නඟා දඟලයි
හැම පැනකට ම පිළිතුරක් නැත වුණත්
ආදරිය මට කියන්න
ආදරෙයි ද ඔබ මට
සිහින හා පොත් සමඟ තනි වුණ විටෙක
ඇවිත් මා සිඹින්න
ඉතින් ආදරිය මට කියන්න
ආදරෙයි ද ඔබ මට
 

A poetess loves someone


A poetess loves someone
Like a deep blue ocean
Who can stop it
When it makes so lovely waves

Like a little star to the crescent
Love will go eternal on and on
How I can say you
In an strange language
that I simply love you
more than anything else

Leaving everything
I love to die within your heart
I know, this is not a velvet path
But, I love you more than anything else

Will rainbows fall in love?
sitting in a same rain drops
If you pen that we are two
who touching the same wind

Am I a refugee in your heart?
When world makes wars and tears
But I just want to say
I will die within your heart


ආදර වැස්සක් වෙලා මම

ආදර වැස්සක් වෙලා මම
සක්වල උමතු කරමින් ගලා යන
වලාකුළකට සැඟවෙලා ඔබ
මට හිනා වේ සකිසඳ
කෙටියෙන් කීවොතින්
මේ මා නොවේ
ඔබ

මායාකාරී ආහ්ලාදය



මුළු රැයම ඔබ හා ගෙවන
මායාකාරී ආහ්ලාදය
බැසිය යුතු නැවතුම්පොළවල්ද
පසු කර යන
තව නොබෝ දිනකින්ම
මරණීය වේදනාවක් වනු ඇත

එ විට ඔබ අවහිර කළ යුතු කොතැනින්ද
හැල්මේ පණ ගැසුණු
හද නහර මිරිකා ගැට ගසා
ප්‍රේමයේ ආඝාතයෙන් මා මිය යන පරිද්දෙන්ද

Translation of "අපි අලුත් ආදර කතාවක් වෙමු"

Translation of "අපි අලුත් ආදර කතාවක් වෙමු"
Translated by Kalpana Ambrose

 

Beloved,
Let’s be the rains fall in to middle of the woods
Let’s be the deserts and mountains
Let’s sometimes be the Stormy waves
Or may be let’s walk in silence
Come on to my heart
Let’s be a new legend of love…

You rise like a moon
Kissing my oceanic heart
Oh! Come on,
Let’s be a leaf getting wet in the rains
Our love is written on the sea waves
You are gorgeous like the ocean
The ocean that endures everything
You have already become me..
And I want to die in your arms
Flowers will bloom in valleys for us
Come let’s walk towards the plains

Picture Courtesy - 'Australia' Movie

ආලයෙන් මම

ආලයෙන් මම පිබිදී සිටිමි
මලානික මලක් පුනරුදය ලබන්නා සේ
එහෙත් එය මා පෙළයි
විහඟුන් කෙත් ඉහළ ඉගිල යයි
මට අවැසි යි ඔබ මුව සිඹින
වී කරලක් වන්න

පෙම්වත ඔබ දුප්පතකු බව මම දනිමි
ඔබ හිඳින අගුපිල හඳුනමි
ඔබ ඇස් දෙකින් කුඩා කල දකිමි
මම ද එක්තරා රටෙක රජයකින්
බැට කන ආගන්තුක යුවතියක්මි
ඉතින් ලොව සියලු පාලකයිනට එරෙහි ව
අපි අපේ පන්තියේ ආදරය ගයමු!!

ස්වාමිය,

ස්වාමිය,
ඔබට අද නිවාඩු දවස
එහෙත් මා එනතුරු බලා සිට ඇත
උණු තේ කෝප්පය සාදගන්නට
උණු උණුවෙ ගෙදරටයි අහල පහල ගෙවලටයි
බත් උයා ගන්නට
ආ ගමන් ම මම රෙදි සේදුවෙමි
වේළී තිබූ රෙදි ගෙන
නවා පිළිවෙළට
අල්මාරියට අඩුක් කෙරුවෙමි
දැන් මට වෙහෙස ය
ඔබට බත අනා කවන්ට බැරි ය
මම යමි මගේ අලුත් හදවතට
නිදහසේ කවියක් ලියන්නට!!

අපි අලුත් ආදර කතාවක් වෙමු

සොඳුරිය
අපි වන මැදට හැලෙන වැසි වෙමු
කාන්තාර, මංමාවත්, කඳු වෙමු
ඇතැම් විට කුණාටු රළ වෙමු
ඇතැම් විට නිසසල ව ඇවිද යමු
එන්න මා හදවත මතට
අපි අලුත් ආදර කතාවක් වෙමු

මා හද සයුර සිප
ඔබ සඳක් මෙන් නැඟී එයි
එන්න වැස්සට තෙමෙන
තුරු පතක් වෙන්න
අපේ ආලය සයුරු රළ මත ලියැවෙයි
සියලු දේ දරා සිටින මුහුද මෙන් ඔබ සුන්දරයි
ඔබ දැනටමත් මා වී අහවර යි
මට ඔබ තුළ මියයන්න අවැසි යි
අප වෙනුවෙන් නිම්නවල මල් පිපෙනු ඇත


එන්න අපි ඇවිද යමු මල් පිපෙන තැනිතලා දෙසට

මෙතරම් ප්‍රේමයක්

හදවතට උණු දිය හලන
මේ සඳ කවුද
එන්න අපි
කදෝපැණියන් අල්ලා
පළඳවමු ගස් මත
අහසෙ හරි මැද මැනලා
අලවමු රතු සඳ
අප අතර සයුරකි
නම නොදත් නිල් පැහැයකින් යුතු
දියමන්ති වන් දහස් රහසින් යුතු
වැඩි හරියක් ආදර සරැළි
අපි තනමු අපේ ඇස් අතර සයුරක්
සියලු පාපයන් දරා ඉන්නා
කළු පැහැති සයුරක්
මේ කතාබහ නිම වන තුරු
ඔබට මා ඕනෑ තරමට වඩා
මට ඕනෑ ය ඔබ
මා ගැඹුරු මුහුද දකින්නේ
ඔබේ නෙතින්
ඔබේ උරහිස නැති ව මා
කඳුළින් දිය ව යයි
මෙතරම් ප්‍රේමයක් කොහේ සිට
මා සොයා පැමිණියෙද

Tuesday, December 4, 2012

එන්න ළං වී හුස්ම දෙන්නට

තනිකමින් ඔබ ගයාවි
විසල් දෙරණක චමත්කාරය
කුඩා වැහි බිඳුවකට කැටි කොට
තනිකමින් ඔබ ගයයි සොඳුරිය

නිම්න උල්පත් ගල් කුළින් පැන
නැසෙන බව නුඹ හිතන්නෙද තව
එන්න අත් අල්ලා පනින්නට
මැවෙන කවිකම රස බලන්නට

බිම්බ සඳ සෙවණැලි මවන සඳ
පුලිඟු අරණක සුනිල දහරක
එන්න ළං වී හුස්ම දෙන්නට
ජීවිතේ මල්කම මවන්නට

සිත්තරාවිය


සැදෑ අහස ම පාට කරමින්
වසන්තයෙ මුදු රෝස පාටින්
සිත්තරාවිය ගයන්නී ඔබ
වලාකුළු තත් කඩා දමමින්

සඳ වත

බෝ මළුව
දහසක් පහන් නිවමින්
හිනාවේ
සඳ වත


පිනි බින්දු'විත් සිප ගනී
කිරි ඉද්ද ගස

අන්තිමට


ඔබ කොයි දෙස ගිය ද
අන්තිමට පන්සල් මළුවකට
පැමිණිය යුතු ය
කුණාටුව යම් දිනක
මිදී යන්නා සේ

පෙම්වත



අප අතර නටන සුළඟෙහි නැටුම
පහත් බිම දර්ශනයන්ගෙන් වසා ගමි
ළැම පලා මා ළයට
ඔබට කතා කළ හැක පෙම්වත

සුදු පරවි පෙඳ විසිරුණ
කූඩුවක දොර හරිමි
දහසකුත් කවි සමඟ
දැන් ඉතින් පියඹන්න
පෙළා මහ සමුදුර
සොරා ගත් කුරවි ගීයෙන

ඉන්දියානු සාගරයට විසි කළ හැක ඔබට
පාව එනු පිණිස ඔබේ ප්‍රේමය
එ විට ඔබ පෙම මැනිය හැක මට
මුහුද විසුරණ ලවණ රසයෙන

Monday, December 3, 2012

හද පතන දෙය

Crimean Tartars on the Sea Shore - Ivan Aivazovsky

මට දෙන්න ඔය තරු එළිය
තුරුපත් මත අතුරන්න
නිම්නයක වැතිර සිට
හමන සුළඟට කන් දෙන්න
විරහ වේදනාවක් අවැසි නම් ඔබ
එන්න මා හා ඇවිදින්න

හැම විට ම හද පතන දෙය
කඳු බඳෙහි ලියැවෙන්නෙ නැත
එය කතරක කිහිරඟුරක
වුව ද ලියැවිය හැක
මොහොතකින් දියව යන
සුසුදු හිම කැටියක වුව
මැකී යන ක්ෂණයෙන
සිනිඳු වැලි සිඳු අස වුව
දිනෙක එය ලියැවිය හැක

ආලය කියන්නේ එයටදැයි?


බැස යන හිරුගේ රත් පැහැය
මම ඔබේ මුහුණේ තබමි
පෙම්වතිය තටු විහිදා පියඹා එනු මැන
මේ උණුසුම් හාද්ද පිළිගන්න
මා සොවෙනි, උන්මාදයෙනි
ඔබ මා'සල නැති විට
ආලය කියන්නේ එයටදැයි
මම නොදනිමි


ඔබ හා එක් ව යන්නට මට
බොහෝ සැතපුම් කණු ඇත
ඉතින් මේ උදෑසන
සමනලියක් අවදි වන
මල් පිපුණු තැනිතලා පසුකොට
හමා එන සුළඟට
ඉඩ දෙන්න ඔබ කියඹු රොද
සිපගන්න සොඳුරිය

රොමෑන්තික භාවයෙන් උද්ධමනය ව

මා කැලෑ කෙල්ලක වූයේ කවදා සිටද?
මලයාලම් ගුරුකමක්වත් කළෙහිද ඔහු?
වන සෙනසුන ඉහළ නිල'ඹර
තෙර ගාථා සොයන තනි තරුව
කෙසේ නම් අමතක වුණිද මට?

වල්මත් වුණු කනමැදිරි එළි දැක
දීගය ලිහා දමාවිද තරුව
එහෙත් කේරළයේ ලුණු සුළඟ
ගෙන එන්න පුළුවනිද උසාවියකට?

වල්මත් ව ඇවිදින විට
දැක ඇතිද කඳු හිස
නිල ගැඹුරු දෑස
කතා කර ඇද්ද ඔබ එයට
රොමෑන්තික භාවයෙන් උද්ධමනය ව

මිනීමරුව, සල්ලාලය, අවිවාහකය,

කණේ පහරක් ගැසුවා සේ
විසංඥ වී සිටිමි
ඉර, හඳ තරු කඳු මිහිදුම්
නිමක් නැති සයුර මා දෑසින්
දකින බව කී

ඉන්දියානුවකුට අසු වුණෙමි
ඔහු මිනීමරුවෙක් විය හැක
ඔහු සල්ලාලයෙක් විය හැක
වාසනාවට මම විවාහකයෙක් වීමි

එහෙත් ඔහු මට කීවේය
කේරළයේ නිලඹර
කුඩා තරු කැට දිදුලන බව
රාමායනය පහුර කොට
රාවණා බිමට පැමිණිය හැකි බව
මුහුදින් වෙන් ව සිටිය ද
අපේ හදවත් එකට ගැහෙන බව
ඉතින් මත් වන්න අවැසි ද වෙන යමක්
ඔහු මිනීමරුවෙක් විය හැක
ඔහු සල්ලාලයෙක් විය හැක
වාසනාවට මම විවාහකයෙක් වීමි

ඔහු කීවේ ය මට
ඔහුගේ ආත්මය හඬන බව
මට දැක ගනු පිණිස අහසට
සඳ තරු විසි කරන බව
මුහුදකින් වෙන් වුණු කඳුළු නිසා
මුහුදු දිය ලුණු රස බව
තුරුපත් සලිත කර හමා යන සුළඟේ
මගේ සිත දකින බව
ගැඹුරු නිල් පාට කඳුවලට
ආලය කරන බව

මිනීමරුව, සල්ලාලය, අවිවාහකය,
මම මිනික්බිති නො එමි
ඔබේ මලයාලම් කවි අහන්නට

Sunday, December 2, 2012

ඔබ තරම් මිහිරි කවියක්

හිම කැටිත්තක සැඟවු කවිය
හිරු එළිය හා නික්ම ගොස් ඇත
එහෙත් සොඳුරිය
ඔබ තරම් මිහිරි කවියක්
ඉන් පසු ව හමුවුණෙ ම නැත

ඇවිද ගියා කාලය
අලස ගමනින්
පැය දින සැතපුම් ගණන්
කතා කරද්දී මිනිසුන්
බොහෝ දේ ගැන
අවිච්චියෙක් හැඬුවා මගේ හද
තටු ගස ගසා හැම රැයක ම

කතරක් අහස දෙස හැර
වෙන කොයිබ බලන්නද
දාහය නිවාලනු පිණිස
සිසිරයක් කතරට නොඑන්නෙද
බදා මිහිකත සිහින
පුරා හඳ පිපෙන්නෙද
බෙදා ගත් යහන
නුඹට සිහි නොවන්නෙද?


මගේ හදවත ඈ


සීතලට මිදෙ යි
ගල් ගැසේ ය මම
මගේ හදවත

කඳු බඳ දිගේ දිව
දිව යා ය මිහිදුම
ඕ හසඟනක් වගේ
හිනැහේ උදෑසන

හද කිතිකවා ඇය
පැන යන විලාසය
ඈ කවි කොඳක් නොව
නාඹර ම තාලය

ගිරි අස චමත්කාරය

Public Domain cover art

වසා ගිරිකුළ
පුපුරු ගසන වලා සායමෙන
උස් වේය තව තව
ගිරි අස චමත්කාරය

Thursday, November 29, 2012

ඔබට සිහි විණිද?



වැසි දියෙන් ගැලවෙනු පිණිස
ඉටි ගවුම් ඇඳ
රබර් යුවතිය

මහ වැස්සේ ම
තේ ලිය
නෙළන ලිය
කඳුළින් පිරෙන කූඩය

ඔබට සිහි විණිද,
මහ වැස්සක උණුහුමින්
තේ රසයෙන් පිනන විට
රබර් මෙට්ටයක කිමිද
උණුසුම විඳින විට
ඔවුන්?

Picture - Mary Cassatt, Afternoon Tea Party

Tuesday, November 27, 2012

අඳුර



අතපය රිදෙන හැටි
දන්නවා නම් අඳුර
රාත්‍රිය වී ඉඳි යි
මා මියෙන තුරු ම

නිමක් නැති වැඩපලෙහි
අතර කෙස ඉදිණ
එළිය නිව් දර ලිපෙහි
තනි ව බත ඉදිණ

ජීවිතේ හැටි ය මේ
වදා හළ රුවින
ලොකු මහත්තුරු අහල
මට අහක බැලිණ



සොඳුර නුඹ නිපාතයකි

http://arunishapiro.files.wordpress.com/2011/04/proto-sinaitic-inscription1.jpg
සොඳුර නුඹ නිපාතයකි
මා හුස්ම'රුත්
උඩු ද යටි කුරු කරන

එහෙත්, නැත, ප්‍රියය,
නුඹ මා අතැර ගිය පසු
කිසිදු අරුතක් නැති
තනි වචනයක පමණි
ජීවිතය සොයන

සිහසුනක් නැති රජෙකි ප්‍රේමය

සිහසුනක් නැති රජෙකි ප්‍රේමය
දිදුලන්න නිල් නුවන් අනවැසි
ගල ගලා යයි මඩ දියෙහි වුව
මහ හඬින ශ්ලෝකයක් කියමින

ගෙඹි බිරින්දෑ තියා අඩි බර
හෙමි හෙමින් යයි පුතුන් දැකුමට
ගෙඹි මහතෙකි ය හබරල කුඩය ගෙන
සුනංගුව හිනැහෙමින් විමසන

වැසි කල ය ගං පිට ආර යන
ගන්ධාර රාවයෙන් වොරැඳෙන
කවි කැලය සිඳ බිඳ දුවන් යන
ගහ කොළන් දැක මුවන් නැවතෙන
 

මේ සඳ ම අවර'ඟන පායාද නුඹ ඇස?



අප්පච්චී ගියා හැර මහා අකුණක් සමඟ
අඳ කුඹුර පාලු කර දෙබැම පුපුරා හැලුණ
පාර සොයමින් නුඹට ගෙදර පෙන්වන පිණිස
දුහුවිල්ලෙ පොර බඳින පුරුදු සුවඳක් නොවෙද

නුඹ තබන තබන පිය පිපුණු මල් පුදන්නට
තද සිහිනෙක මල් ගිලිහුණා සුළඟට
නුඹ සෙල්ලම් කෙරුව කලා වැව අද්දර
දිය සිඳී ගොස් හඬ යි තනි ව වැහි ලිහිණිය

සුසුමකින් මුදා හැර ජීවිතය ඉවතට
පිලට වී මඟ බලා උන්නු සඳ නික්මිණ
තනි ව පිස ගෙන දිවිය සොයන සඳ පුර සඳ
මේ සඳ ම අවර'ඟන පායාද නුඹ ඇස

ගසා සමනල තටුව වසන්තය අසුන් ගත්
මලුයනක මිහිරි වෙණ වයන්නෙද අහස් ගඟ
ළපලුරක් මත තව ම හිස තබා ගෙන කව
ගිනි වදියි පිනි කඳුළු අඳුරු මල් තෙමමින