Tuesday, May 14, 2019

මගෙ හදවත සුසානයකි



ඒ තුන්සිය ගණන වැළලූ
මගෙ හදවත සුසානයකි
අල්ලා බලමි ළපටි අත්
මුදු මොළොක් බවම මිස එහි
මුස්ලිම්ද සිංහලද කියා නැති
අම්මා කියා සුළු ඇඟිල්ලෙන්
අල්ලා නොගනු මා සකි
ඔබ රැකගන්න බැරි වුණු
අම්මා කෙනෙකු වෙමි

ලේ පිපාසය මිස මවුකිරි සුවඳ නැති
සුළං පියාපත් ගෙය ඈ සොයනවා ඇති
උයන්නට සිතා උන් සහල් මෙනි
ලියන්නට සිතා උන් කවි ඇති
කිරි සිනා හඬ හිස් ගෙයි
බුබුළු දමනවා ඇති

ඒ සුසානයෙහි මම
වැළඳගෙන මම සහ මම
නිදන්නෙමි නො-නිදන්නෙමි

Picture -Portrait Of A Woman With A Baby, Fizdi Print