Thursday, December 20, 2018

වසන්ත සෘතුව වෙත



වසන්ත සෘතුව වෙත
වර්ෂයක් හිමි නැත
එහෙත් මල් මෙන් පත්ය හැම තැන
සිසිරයේ හිම මල්ය සුළඟ හා පැන යන

Picture - Ada Shulz, American, 1870 - 1928, "Iris Garden"

දුහුවිලි



ඇතැම් අය
ගෙමිදුල් අතු ගාන විට
දුහුවිලි හැරේ
ඔවුන් වෙතටම

Picture - Janice Allmon, American, Born 1950, "Climbing Vines"

Wednesday, December 12, 2018

රන් වන් රන් යතුරු කැරලි



මැදී දිස්න දෙන රන්වන්
යතුරු කැරලි හුරු පුරුදුය
පතා ඇවිද යමි සුපුරුදු
සෙනෙහෙබරිත වැළඳගැනුම

මේ විශාල වේදනාව
මේ විශාල බියකරු බව
අත් ඇතැරුණු හිස්කම මත
දැරුමට හැකිවෙද, නොහැකිව
අහුමුලු මත වැතිර වැතිර
දීර්ඝ වෙයි,

කඩතොලු මත පා තබමින්
මඳ අඳුරෙහි දියව දියව
සුපුරුදු වුණු සඳ එළියෙහි
සෙමින් විවර කරමි කවුළු
තුරුපත් ගෙන මහ රෑ මැද
සක්මන් කරනා සුළඟෙහි
වැතිර හිඳිමි ගොම පොළොවෙහි
බදා වැළඳගෙන නිජබිම

මේ නිවහන හිස්ව මෙලෙස
හුරුපුරුදුද නොම අසන්න
අත ඇරීම ගැන කියන්න
එපා තවත් කවි ලියන්න!

Picture - Pamela Alderman, American, Standing in the Wind