Sunday, November 5, 2017

හොඳම දවස්



කුරුලු පියාසර හඬ පවා
කඳු වළලු අතර රැව් දුන්
පැහැදිලි හිරු එළිය සහ හිම වැටුණු
ඇඟිලිවලින් ගණන් කළ හැකි දවස්

දියමන්ති වගෙ දිලිසි දිලිසී
ගඟ රැළි නඟා ගලා ගිය දවස්
උපන්දිනේට අම්මා අලුත් ගවුමක් මසා දුන් දවස්
ඇගෙ මැසිමේ හඬ අතර කුරුම්බැට්ටි ගෙන දිව ගිය දවස්
තිත්-තිත් ගවුම් කොටු-කොටු ගවුම්
සමනල ගවුම් මල් ගවුම්
රැළිවලින් බොත්තමින් හැඩ කළ ගවුම්

ඒ මගේ හොඳම දවස්
හිම වැටුණු මල් පිපුණු
සදා හිරු එළිය දිලුණු

Picture - Sheri Dinardi, Ribbons in My Hair