
කුරුලු පියාසර හඬ පවා
කඳු වළලු අතර රැව් දුන්
පැහැදිලි හිරු එළිය සහ හිම වැටුණු
ඇඟිලිවලින් ගණන් කළ හැකි දවස්
දියමන්ති වගෙ දිලිසි දිලිසී
ගඟ රැළි නඟා ගලා ගිය දවස්
උපන්දිනේට අම්මා අලුත් ගවුමක් මසා දුන් දවස්
ඇගෙ මැසිමේ හඬ අතර කුරුම්බැට්ටි ගෙන දිව ගිය දවස්
තිත්-තිත් ගවුම් කොටු-කොටු ගවුම්
සමනල ගවුම් මල් ගවුම්
රැළිවලින් බොත්තමින් හැඩ කළ ගවුම්
ඒ මගේ හොඳම දවස්
හිම වැටුණු මල් පිපුණු
සදා හිරු එළිය දිලුණු
Picture - Sheri Dinardi, Ribbons in My Hair
'ඒ' දවස් කොහොමත්
ReplyDeleteහොඳමයි..
:)
Delete+++++++
ReplyDeleteThank you!!
Deleteහරිම අගෙයි
ReplyDeleteස්තූතියි..!!!
Deleteඒ දවස් ලස්සනයි තමයි...
ReplyDeletehm.. :)
Delete