Thursday, November 12, 2009

"මගේ අත් හීරිලා"
"මට පේන් නෑ"

"මගේ අත් හීරිලා"
"මට පේන් නෑ"

"අත් හීරිලා"
"පේන් නෑ"

"අත් විතරක් නෙවෙයි- මගේ ජීවිතේ ම හීරිලා-
මේ ලේ ගලනවා.. පේන් නැද්ද?"

"නෑ"


ඔබේ ඇස් අග නිදන්ගත වී - ගිම්හානය ද මල් කැකුළු පුබුදයි















සබඳ ඔබ මා මුදා හැර
අඩවන් දෑතින් බලන සඳ
තටු සොයා ඉපිල්ලුණ සිත
මොහොතකින එක්තැන් වෙයි

වැඩියෙන් ම අඬන ඇස්
මගේදැයි
නොදන්නා නමුත්
ඒ දෑස් අග පිපෙන
හැම හිනාව ම ඔබේ යැයි
දන්නවා මම

මගේ ප්‍රේමය

Monochrome Image Found on the Web

එක් සෞම්‍ය රාත්‍රියක
අතරමඟ කැඞුණූ
පැජරෝවකින් බැස
මහ පාර මත වැතිරිණි
මගේ ප්‍රේමය

ඇන්ජිම ස්ටාර්ට් වන්නට
ඉඳූල් කළ
ලවන් මත සිට
හැඞූවා ය
ප්‍රථම හාදුව

කෑ ගසන්නට විය
මහා හයියෙන්
ම'දෙස නෙත හෙළා උන්
පාළු'ඹර
පිරිසිදු
මගේ තරු කැකුළ

හිට්ලර්ගෙ යුද්ධයේ
යුදෙව් යුවතියකි
මම
කඞු කිණිසි නැති ව ම
සටන් කළ
ප්‍රේමයේ සුසුදු
අවසාන යුෂ බිඳ ද
අහිමි ව
අවසඟ ව යද්දිත්
සටන
අත් නොම හළ

එහෙත්,
එහෙත් හැඞූවා ය
තරු කැකුළ
ගිරි කුළෙන් පැන ගිය
වියරු සඳ මඞල පතමින

ඉහළ කන්දෙකි
පහළ බෑවුමෙකි
එ මැද පාරෙකි
මහ පාර මත වැතිරිණි
මගේ ප්‍රේමය

Picture owner - unknown

පුංචි පුංචි නිල් තිත් පෙළවල්
කඳු යට
ගං ඉවුරු උඩ
පාට පාට ඕකිඩ් රෑන්
කවුළු දිගේ එල්ලිලා
කොළ පාට මිටියාවත් දිගේ
පරණ අලුත් සුවඳ
සුළඟ එක්ක
ම්හ්....