Wednesday, July 31, 2013

කිසිවක්ද මේ ජීවිතය?

Image found on the web

අවදි ව උදෑසන තුන හමාරට
උයාගෙන බැඳ බත් මුල් තුන හතර
යුද්ධයක් වගේ ඇරඹුම ම
අඩ නින්දෙනි මා මුළු රැය ම

හයේ බසයට දුව
වැරදුණොත් මරණයක් සේ බය
අට හමාරට ඔෆීසියට
සියුම් තැති ගැන්මක් සමඟ
එතැන් සිට වගවීම්, වගකීම්
පහ හමාරට අහවර ව
නුගේගොඩ හන්දියට දිව යෑම
තෙරපෙමින් දහක් මිනිසුන් අතර
දහදිය කඳුළු විඩාවන් අතර
පැය තුනක් හිටගෙන ම
රෑ නමයට අසිහියෙන් ගෙදරට

එතැන් සිට කෑම, නෑම, ඉවීම
රෙදි සේදීම, ඇහිරීම
උදෑසන බෑගය සැකසීම
සාරිය මැදීම, පොට නැවීම
ගැලපෙන ආයිත්තමක් බලා ළඟ තැබීම
එකොළහත් පහුවෙලා ඉතින් දැන්
සිහිනෙන් දකිනු වස් ජීවිතය
ගරා වැටෙමි ඇඳට

අප්‍රියජනක රමණයක් හැර
අන් කිසිවක්ද මේ ජීවිතය???

Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

Tuesday, July 30, 2013

ආ බව නොහැඟෙන්නට



ඇතුළු වනු නොවනු
සිතා ගත නොහැක
රැඳී එමි දොරකඩ
දෙපස අතර
ආ බව නොහැඟෙන්නට
නික්ම යමියි සිතමි
ඔව්, එය වඩා මැනැවැයි

Picture - by Vidan

පැන්සල

Many coloured pencils

ගහ කොළ ඇරුණු කොට
මල් මැවිය හැක
පෑනට පැන්සලට
තියා පිට පොතු ගැල ව
ගෙවී ගිය 'මුත් තියුණු
තුඩින් යුතු වූ අමුතු
පැන්සලක් අසල
පැන මවන
පැන් සලක් සේ ම
පිපාසව ද සන්සිඳන
පන්සලක් ලෙස
නිබඳ හිත නිවන
නික්ම ගිය මිනිස, මම
කවියක්ද සිතුවමක්ද නොදැන
අඩදණිනි තවම
අත මුදනු නොහැකි ව
අසල ලූ
පැන්සල සමඟ



Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

ඈනුමක්

58-33

ඈනුමක් මෙය
කුඩා උන් බය වෙලා දිව්වට




Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

අත් සහ සිරුරු ගොඩක්

Mother and Baby Snails
හිනාවෙන්නට අමතක ව ගිය
කරුණාවන්ත වන්නට
මතක නැතිවුණු
අත් සහ සිරුරු ගොඩක්
පොත් හා පොර බදන
රෙජිස්ටර කුවිතාන්සි පෙරළන
වැඩ සහ වැඩ බව හඟවන
එන එන අයට හිතින් බනින
වෙනසක් වන්න
තේරුමක් නැතිවුණ
එක අතකට හරි අසරණයො
ලොකුකම් පාන්ඩ ම තැත් කළ ද
හුස්මක අරුත් අමතක වුණ

කන බොන නාන
දරුවන්ට උගන්නන්ඩ ම වෙර දරන
කලදසාවකැයි සිතාගත් දෙයකට
හොඳින් හෝ නරකින් පොර බදින

එයත් නොව පුදුමය
කිසිවක් ම නොදැනුම
අනුන්ගේ කාලය, වෙහෙස ගැන
කිසිවක් ම නොදැනුම
වේදනය වනු පිණිස
සංවේදක නොමැති වුණ

මූලාශ්‍රය - රජයේ කන්තෝරුවලට ගොඩ වැදෙන මට සුලබ ව හිතෙන දෙය



Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

සිතින් අවදි ව ඉමි

58-25

ස්නානය කරමි
සොබා දම පෙරා දුන්
සුමිහිරි දිව්‍යත්වය
මිනිස් ඇස නොගැටුණ
වන පෙත් මැදින් ඉපැදුණ
කන්‍යාමය සුන්දරත්වය
එක් අතින් ගෙන උරාබොමි
සිත සීත ගඟුලක් වී
සෙමින් ඇවිදින තුරු
සිතින් අවදි ව ඉමි


Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

දවසක මල් පිපෙනු ඇත අම්මා කියූ විලසට

58-24

ගොයම් කපා නිම කළෙමි
තද අව්ව..
ඈත දිව යන කුඩා මලණු හා නැඟනිය
ගස යට නතර ව
මොර අහුලනු පෙනේ
ලොකු තාත්තෙක් යැයි මං
මට හැඟේ

නැවත එනු පිණිස ගිය බව
කීවත් බොහෝ අය
අම්මාටත් තාත්තාටත්
නැවත එනු බැරි විය
හෙලූ දහදිය කඳුළු
මුතු වෙයි එහෙත් මා හද
දවසක මල් පිපෙනු ඇත
අම්මා කියූ විලසට



Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

Monday, July 29, 2013

පුංචි බබා සහ කරදරකාර වලිගය




http://www.dinamina.lk/epaper/art.asp?id=2013/07/29/pg23_2&pt=p&h=පුංචි බබා සහ කරදරකාර වලිගය


දකුණු චීනයේ දැනට මාස අටක් වයසැති ෂියාවෝ වේ පුංචි බබා ඉපැදුණේ කොඳු ඇට පෙළේ දෝෂයක් එක්කයි. මේ තත්ත්වය බබාගේ කොඳු ඇටය සාමාන්‍ය පරිදි වර්ධනය කරන්නේ නෑ වගේ ම එහි පැල්මටත් හේතුවෙන තත්ත්වයක්. myelomeningocele spina bifida’ ලෙස හඳුන්වන මෙය කොඳු ඇටයේ තුනී පටලය සහ සුසුම්නාව කොඳු ඇටය පිටතට තල්ලු කිරීමටත් පිටුපසින් කෝෂයක් නිර්මාණය කිරීමටත් හේතු වෙනවා.

ඉන් පසු, මෙම කෝෂය 'වලිගයක්' මෙන් වැඩෙන්නට පටන් ගන්නා අතර ශල්‍ය වෛද්‍යවරයන් පවසන්නේ ෂියාවෝ පුංචි බබාගේ කොඳු ඇටයේ දෝෂයට පිළියම් යොදන තෙක් මෙම පුංචි වලිගයෙහි වැඩීම නවත්වන්නට ඔවුන්ට නොහැකි බවයි. මෙම  'spina bifida' තත්ත්වයට බලපාන නියම හේතුව සොයාගෙන නැතත් අවදානම් සහගත හේතු කිහිපයක් ම හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන හේතුවක් වන්නේ ගර්භණී සමයට පෙර සහ එහි මුල් ම කාල සීමාවෙහි ෆෝලික් අම්ලයෙහි ඌනතාවක් පැවතීමයි. spina bifida තත්ත්වයන් ප්‍රභේද කීපයක් ම පවතින අතර ෂියාවෝ පුංචි බබා පීඩා විඳින්නේ ඉන් වඩා බරපතල ප්‍රභේදය වන myelomeningocele තත්ත්වයෙනි. බ්‍රිතාන්‍යයේ සෑම ගර්භණී මවුන් 1000 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම තත්ත්වයට ගොදුරු වෙන බවයි වාර්තා වෙන්නේ.

ෂියාවෝ පුංචි බබාව ඉක්මනින් සුව වෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරමු නේද?