
රළු රළ අතර
කළු ගැහුණු මතක
බර හිතේ කොණක
ගුලි ගැහෙයි මැණික
ඉතින් වියපත් නමුත්
අප ගැයූ ගීත
හබල ළඟ තනි අතකි
සොයන මෘදු සීත
කල් ගෙවු හැටි පෙරා දී හදින් මී විත
සක්විති රජුන් වුණෙමු අපි පෙර අතීත
නුඹ ගිහින් තනි වුණත් මිරිදියෙහි හීත
තව ම මගෙ හිත සිඹින හසකි රා වීත
Pic. -
No comments:
Post a Comment