Tuesday, July 2, 2013

සපථ වෙමි.

Gines Liebana, Portrait of Nuria Espert

ඔබ මුහුණ තුළ මැවුණ
කතර වුව දිදුලන බව
ආකාසය නිල පැහැ ව
තැනෙක මල් පිපෙන බව
කුඩා අත්තටු යුගල
දෙඅත්හී නැඟෙන බව
සපථ වෙමි
මම
සොඳුර
ඉතින් ඇවිද යනු පිණිස
අත නොහැර අත නොහැර

pic. - Gines Liebana, Spanish, born 1921

No comments:

Post a Comment