Wednesday, July 17, 2013

සපථ වෙමි



පිසදමමි කඳුළු
රන්වන් පාටින් ම ඔප කොට
සපථ වෙමි
සමනල පියාපත් ඔබට පිරිනමන වග
ඔබ හිතෙන් මකරන්ද ගෙන
දුක නිවා මුව ගල්වමි
පෙම්වත ගව් ගණන් ගොස් සොයා හෝ
දිනෙක නුඹට ම තටු දෙමි

ඇතැම් විට ඇවිද යනු බැරි වෙයි
හිත ද පොඩි වෙයි
ජීවිතේ තැලුම් විඳ ගන්ඩ බැරි වෙයි
පතුල් වණ වෙයි
ඒත් ඔබ මා එක පෙළට
ආ බවත් සත්තයි
ඉඳින් ඔබ වත කඳුළ වියළමි
සිත සිඹින සුලු විජිනිපත වෙමි

Picture - Agnes Cecile

No comments:

Post a Comment