Thursday, July 25, 2013

වෙණ තතක් නොව ඒ බිඳින්නේ



වෙණ තතක් නොව ඒ බිඳින්නේ
මගෙ හදයි බිඳෙමින් නැඟෙන්නේ
කඳුකරෙන් දුර පාව එන්නේ
ශෝක ගීයක් වී

යනෙන මඟ පොඩි අඩිපාර දිග
හිනැහෙමින් මල් නෙළුව සියුමැලි
අත කොහේදැයි මලින් මලට ම
මගෙ සවන්පත් පුරනවා
මුනිවත ම මම රකිනවා

සිතුවමක් වී පාට ඇතිරුව
මිහිරි හස නැඟු මිහිරියාවිගෙ
හඬ කොහේදැයි රළින් රළට ම
නොනැවතී මා අහනවා
නොඇසුණා මෙන් ඉන්නවා

Picture - Claude Monet (French, Impressionism, 1840-1926)

No comments:

Post a Comment