Sunday, July 14, 2013

මගේ මිස කොහිද මම?



භවයක කවි භවයක කවි භවයක කවි මතු වන්නේ
බව දුක හැර අප යන මඟ කොතැනද මල් පූදින්නේ

වෙළ වියන පුපුරුවා ගිනියම් ව පස් දෙසින්
ඇදී එයි ගිමන් නොනිමන සහස් සංකේත
අතර අතරමං වී ඇවිදිනා පණ ගැහෙන
මගේ යැයි මගේ යැයි හැම සිතින් නිති වෙළන

මේ හිස මගේ මේ පය මගේ
මේ දෑත් සහ සිරුරත් මගේ
ඇස කණ අදර කොපුලත් මගේ
මේ හිතත් මගේ මගේ
හැම දේ ම මගේ
එතකොට කොහෙද මම?
මගේ මිස කොහිද මම?

Pic. -Sheikh Lutfollah Mosque, 1603-1618. Architectural masterpiece of Safavid Iranian architecture, eastern side of Naghsh-i Jahan Square, Isfahan, Iran. Built by the chief architect Shaykh Bahai, during the reign of Shah Abbas I of the Safavid dynasty. Sheikh Lutfollah Mosque and Naghsh-i Jahan Square are registered UNESCO World Heritage Sites.

1 comment: