
ලිවිසැරි කෝෂ්ටාගාරයක්
පැළ කොට මා ඇතුළ
යුගයක මහඟු මෙහෙවර
ඉටුකර සමුගත්ත මිනිසෙකි ඔබ
කවා මා වෙත නොනිමි දහිරිය
තැනූ හැටි ඇද නොමැති කොඳු පෙළ
රැක ගන්න වෙල්ලස්ස උරුමය
අහිමි වූ තුඟු නිධානය ඔබ
අපේ ගම්බිම් නොදත් මිනිසුන්
ලියා උන්මත්තක වචන වැල්
කෙලසනා හැටි දුටුව නම් ඔබ
තලනු ඇත බස්තම උරුක් කර
දුක් ගැහැට විඳ ජීවිතේ මම
අපරිමිත සැළමුතු බවක් තෙද
රකින්නට දුන් ඔවා පැන් පොද
මිණි අතුළ රන් මිනිසෙකිය ඔබ
* අත්තනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මා ආදර සීයාට
pic. - Viaggio nel Mondo, facebook.com/photo.php?fbid=504094866330973&set=a.224127930994336.53998.166570006750129&type=3&theater
මට නම් වැඩිමනක් තෙරුනේ නැහැ වැදගත් දෙයක් වෙන්න ඇති.
ReplyDeleteසීයා සැරයි වගේ
ReplyDelete