Saturday, July 20, 2013

අමෝදය ඔබ



අමෝදය ඔබ
අමෝදය ඔබ
උරා බී හිත පුරා විරහව
අමා මී ගඟ වහා වපුරන
අමෝදය ඔබ නයන විල මත
තාරුකා පිළිබිඹු නිදන් කළ

වසත් කාලය පුරා විකසිත
පුෂ්ප වියමන් දරා එක සිත
'තොරක් නැතුව ම මගේ ලෝකය
කුසුම් විල මෙන් සුවඳවත් කළ

අමෝදය ඔබ නයන විල මත
තාරුකා පිළිබිඹු නිදන් කළ

සරත් සමයේ නොහිම් මීදුම
සුමුදු අත්ලෙන් පෙරා ඉවතට
සුපුල් පල වැල දරා දෑතින
පුරා හඳ මෙන් සිනාසිණි ඇය

Picture - Nathalie Parenteau

2 comments:

  1. ජීව්තයේ අමෝසයද ඇයයි.. සැමදා එළිපත්තේම සිටින

    ReplyDelete
  2. මොකක්ද අමෝදය කියන්නේ? ඇත්තටම මම එකේ තේරුම දන්නේ නැනේ.

    ReplyDelete