Tuesday, July 2, 2013

ලබන වර අප දෙපස



අහසට ම දියත් වන නෞකාව අතරේ
පිළිබිඹුව අතරමං වුණු රළැති සයුරේ
යාචකාවියක්මී
යනෙන මං නොහඳුනනා

පැමිණියෙමි පැතු ලෙසට
යනු ද හැකි ගමන නිම
සිතු සිතූ විටෙක පලා යනු නොදත්
දහමකින් පිළිසිඳෙන
වසන්තය මඟ හැරුණ
අත්‍යුෂ්ණ ගිම් සමය ඉතින් මං

විශ්වයක කරකැවෙන
කුමට නිල්මල් පුසුඹ
යළි යළිත් මෙහෙ යනෙනු වස් පැවැත්
හිරු ගිලෙන මරු කතර
හිඳ දකිමි නිල දියඹ
ලබන වර අප දෙපස මාරුවෙන්

pic. - Zhao Chun

No comments:

Post a Comment