
කෙස් කලඹ තබා යමි ඔබ අසල
එහි වෙළී නිදන මා පිය සුහද
ජීවිතය බර වූ බැවින් බොහොම
පිපාසය නිවන දිය ඌල් දුරය
හදින් හද පෙමින් බැඳෙනා විලස
අසපුවක් නොවිණ අප හිත රකින
ඔබ නිවන විට වෙහෙස වැඩ වරුව
වැඩට කණිසම නිතර මට වැයෙන
ඕෂධි තාරකාවක් විලස
ඔබ නැඟෙන සඳ පෙර දිග අහස
බැස යන්ට නියමිත ව හිත තවන
ඇඹෙනියමි මම නුඹට දිවි තබන
තබා යමි කෙස් කලඹ ඔබ අසල
වෙනත් මං නොවු හෙයින් පිය තබන
එකල්හී මට මෙන් ම ඔබට සකි
ලිහිල් වනු හැකි ය කතරක ගමන
Picture - Mistivlav Pavlov
No comments:
Post a Comment