Wednesday, July 17, 2013

හද පුපුරුවා නැඟෙන ඉකිය



හැඬුම් දහසක් 'විත්
බදා ගනී සිත එක වර
ඔෂෝ මට මෙය
එතරම් ම පහසු නැත
ආරාධනා ලද හැම සාදයකටම
යා හැකිද මැදියම් රැය
පයින් ඇවිදින ගවුමක්
භයංකාර නැතිද රාත්‍රියකට
නෙක උවම් ලබන ගත වත
මිලක් ඇති බව කියන්නෙද
සුපුරුදු ඇඳුමැති ව
නන් සාද වෙත වඩින්නද
කුස ගිනි දරා හද රුව
ගේට්ටුව අසල බව කියන්නද
හද පුපුරුවා නැඟෙන ඉකිය ම
සංධ්වනිය කරන්නද???

[දුකක් නැත මට
අතැර පැමිණුම
මහා මන්දිර
ඇස කුපිත කළ
වෛවර්ණ රාත්‍රිය
ඉර පායනු නිසැකය
වෙනත් දෙසකින්
අලුයම]

Picture - Russ Mills

No comments:

Post a Comment