
පර්ල් එස්. බක් සුන්දර හිතැත්තියගේ මා කිය වූ කෘති හැමකක් ම ලෙහෙසියෙන් අමතක කළ නොහැකි වේදනාවක් හිත තැවරීය. 'ඇයි, මේ වගේ දේවල් ලියන්නේ..?' කියා මා සිතුව ද ඇය ලියා ඇත්තේ සැබෑ ලෝකේ ගමනාන්තයන්හි ස්වරූපය ය. ඇගේ 'සකායි' කියැවූ පසු මා අතිශය ගල් ගැසුණේ ජීවිතය අප හට සිතු මනා පාලනය කළ නොහැක්කක් යැයි දැනුණු බියකරු හැඟීමත් සමඟ ය. ඔවුන් අතර ආදරය නිමා නොවිණි. එහෙත්, වෙනත් සාධක විසින් ඔවුන් සිත් ඝනීභවනය කොට දෙපසට ඇද දමනු ලැබිණි.
ජීවත්වෙනවා කියන එක ම වේදනාවක්, ඔව්
සියුම් ගල් කැබලි වුව
සිත් සිදුරු කර ඇදෙන හැටි දුටුවද
රළක් ඈ හැමවිට
පහර දෙනු හැකිද ගලකට
අවසන බලෙන් තැනි
ජැටියක් මුහුද දෙසට 'විත්
හිත පුරා විහිදුණු සිප්පි කටු සිතුවම
සොයා ගනු බැරි ලෙස
ඈතට ඇදෙන්නේ ඇයි..?
මා කැමති දේ ලබා ගන්න බැරිද මට?
ජීවත්වෙනවා කියන එක ම වේදනාවක් නම්
Picture - Hu Jundi
මට නං හිතෙන්නේ මේක ටිකක් දියාරු අදහසක් කියලයි.. තමන්ම වේදනාව හිතට දනවන කොට, ජීවිතේ වේදනාවක් වේවි. ඒත් වේදනාවක් නැතෙයි හිතුවම ඔය මුකුත් නෑ.
ReplyDeleteවසන්තය එනවා සත්තකයි......මම නම් එහෙම කියනවා.එය වෙනත් ඍතුවක් වෙන බවත් සත්තයි.හැබැයි වසන්තය නොදුටු මිනිසුන්ට ඒ පුංචි කාලය වුනත් ලොකු අස්වැසිල්ලක් වේවී.වසන්තය අත ලඟ යැයි මම නොකියමි.නමුත් කෙදිනක හෝ ඒන බව නම් සත්තකයි...සහතිකයි....
ReplyDelete