
සොය සොයා කතරක දැවෙන තුරු
තන තනා සිත සසර බියකරු
නොතිත් කරුණා දයා ගුණයෙන්
ගලන දම් සිලිලාරය
ගඟ අසල ආරාමය
එය යි ගංගාරාමය
තබා දරු කැල අත දිනන ලොව
කවා මන ඇස දිවිය පණ'කුර
ජිනරතන සිප් මවන විදුහල
අසල නිලඹර මව යි හස රළ
වැටෙන වැස්සක් විලස කතරට
ගලා දසතින් දුලා මිණිපොද
කලා මංගල්‍යයකි නවම ද
සලා පෙළහර පාන නව සඳ
Picture - Justina Kopania
කවිය ලස්සනයි ඇත ඔය තැන ඔය කයන තරම් ලස්සනද (තැන කියා අදහස් කරේ ඒ පරිසරය නෙමයි )
ReplyDelete