Saturday, June 29, 2013

අලුයම මිහිදුම

Dewy Morning

අලුයම පොරෝනා එලයි
තැනිතලා නිවෙස් වට කොට
දුම් දමන කවුළුවෙන්
පලවා හරියි මිහිදුම

"ඔබට මෙන් අපට
නතර වෙන්නට නොහැක
හැම උදේ හවසක ම
නොනිමි ගමනක් ඇත"

Pic. - Adolph Robert Shulz, American, 1869 - 1963

"අනේ මාමේ මේ කරාබු දෙක මගේ අම්මාට ගිහින් දෙන්න"

කතරගම රූපසුන්දරිය වූ ප්‍රේමවතී මනම්පේරි 1971 දී ඝාතනය කරන්නට පෙර ඇගේ ඉල්ලීම වූයේ, (ඇල්ඩීන් සිල්වා මහතා අමතමින්),
"අනේ මාමේ මේ කරාබු දෙක මගේ අම්මාට ගිහින් දෙන්න" 

.
.


සරුංගල් වගේ නොව පුන් සඳ අහසේ
තරුන් කල් බලා ඉඟි මැරුව ද පහසේ
දරුන් මා ඇකේ ගුලි වුණු සිරි නිවසේ
අරුංගල් දෙකත් එව්වද පොඩි දවසේ

මලක් වගේ නුඹ මිණිවර වූ දවසේ
කෙතක් වගේ අස්වනු පිපුණ යි දෑසේ
ගඟක් වගේ ගුණයට ගෙන දුන් රූ 'සේ
කනක් පියුම් වුව සැඟවුණි පුත රාසේ

නෙතු උපුලා වැව් පතුලා ගිලුණාද
රුහිරු හෙළා මල සූරා දැමුවාද
පහුරු ගහන් ගොර මෘගයන් තැලුවාද
මඟ නිලමින් පිපි මගෙ මල මැරුවාද

ගොම්මන් කළුව එද්දී හැඬු කඳුළු කඳ
මුරුගන් දෙයියනේ නුඹවත් නොදිටීද
යන් මන් නොදැන සුදු මුදු මල තලන සඳ
දෙවිඳුන් එසක් නුඹ අස්නට මක් වීද??

[කඳුළක් මිස කවියක් ලියනට බැරි ය
 තැවුලක් ඇත හද උගුලාලන සරිය]

https://www.youtube.com/watch?v=GNIuivwf_qQ

https://www.youtube.com/watch?v=45Ze0hlzHYY

https://www.youtube.com/watch?v=SezjmACqVxw

https://www.youtube.com/watch?v=cwEklt9jzXg

https://www.youtube.com/watch?v=ZEHPVwocPLQ

[Source - http://www.dinamina.lk/manchu/art.asp?id=2013/04/16/mpg08_0]

Friday, June 28, 2013

කෝ කොහිද අත?

Fiesta, Venice

බැති ගී ඇසෙයි
කූඩු රැළි සර අතර
පුන් සඳ නැඟෙයි
අහසෙ නිල හා මතුවෙමින
වසන්තයකි මෙය
තුරු අස්හි මල් පැළදෙන
කෝ කොහිද අත
මා සුරත ගත්
ගිය පොසොනග?

pic. - Maurice Prendergast, American, 1859 - 1924

ලංකාර කළ මැනව කෙත

Picnic

පිළි ගනු මැන මා අවසාන හුස්ම
දානය කරනු මැන එය
සිහිල් මඳ සුළඟක් කොට
ජීවිතේ තෙහෙට්ටුව
දරා ගත නොහැකි ව
හිස් අත්ලෙහි හොවා
දහදියෙන් පෙඟී නොනැවත
ගමන යන මිනිසුන් වෙත
එකතු කර මල් සුවඳ එයට
තවනු මැන ඔවුන් හද
ලංකාර කළ මැනව
එහෙව් දන අස්වනු නෙළන කෙත

Pic. - Maurice Prendergast, American, 1859 - 1924

පොසොන් කූඩු

Las Manolas

රෝස කොපුලැති අහස මත
සැණකෙළි පාත්
කුඩා පොසොන් කූඩු පෙළ

pic. - Pedro Blanes Viale, Urugauy, 1878 - 1926

නොපැමිණෙමි මම ඔබ දෙවොලට . .

Reflected Light

තලන විට හැඩි දැඩි කසවලින්
වඩ වඩා නොතකමි
සුවඳ පැනින් නහවමින්
වැඳ නොවැටෙමි
බැගෑපත් නොවෙමි
නොපැමිණෙමි මම
ඔබේ දෙවොලට

ළඟ දණින් වට
මහත් දන නොතකා
දෙවියන් වුව සලකාද
දනිමි හැම විට මම
ඔබ එසේ නොකරන බව
යහපත් දෙවියෙකු නම්
නොසිඹිනු මන්ද
හද පිපි කුසුම්?

නොනැඟිටිමි අස්නෙන් මම
දෙවොල් විහාර බෝ මළු අසල
හඬා නොවැටෙමි මම
මහත් ප්‍රතිමාවන් හද මළුව මත
නිතොර නැඟී සිටිනා බැවින්
කවුළුවලින් හිස් යොමා
නොපතමි කිසිදු පැතුමක්

එ නයින් ම සබඳ
මා පැතුම් ඉටු ව නැත
බොහෝ දුදනන් දිනනු දැක දැක
පෑදි දිය මෙන් බලා ඉමි මම
මල් උගුලුවා ගසින්
නොකරමි යාදින්න
නොපැමිණෙමි මම
ඔබ දෙවොලට

ඔබ ඔ'වැනි නම් ඉතින්
කුමට පැමිණෙම්ද මම
උදේ හවස තෙහෙට්ටු ව
ජනී ජනයා අතර තෙරප
ජීවිතය ගැට ගහමින්
මුළු මඟ ඇවිද යමි මම
ඔබ ව මට නොතරම් ය
දෙවිගඟ.

Pic. - Louis Ritman, American, 1889 - 1963

Thursday, June 27, 2013

ඇදුරා ඔබ අඳුරා ගෙන ආ කිඳුරා

Before the Storm (The Bather)

ඉඳුරා දැන කිඳුරා ගෙන ආ අඳුරා
සිදුරා හද වසමිය සත බී මධු රා
එදුරා නොව නුදුරා පිපි මල උදුරා
ඇදුරා ඔබ මතුරා දිව ගත් ගොදුරා

pic. - Henri-Edmond Cross, French, 1856 - 1910

සිහින

Antibes in the Afternoon

කොහෙන්ද මේ සිහින
බත් කූරු අත්තටු අග

pic. - Henri-Edmond Cross, French, 1856 - 1910

ගණ බලන්න දන්නේ කවුද??

පාසල් ගීතයක් ලියන්න පොඩි ආරාධනාවක් ලැබුණා.. ඒත් ඒකෙ ගණ බලන්න මට තේරුමක් නෑ... දන්න කෙනෙක් ඉන්නවා නම්, බලල දෙන්න පුළුවන්ද?

Georgy Nikolaevitsh Bibikov, Balloon "Osoaviachim"

ජලයෙන් ඉපැදෙන නෙළුමක් වාගේ
වැව පත්ලේ නොගිලී
සුවඳින් ඔපවත් වන දරු කැල අපි
අප පාසල් මව
කැප්පෙටිපොළ පාසල අපගේ
වැලිමඩ කඳු පියසේ

කඳු රළ අතරේ විදු ඇස මතු වේ
සතුට ද සදහම් ගුණ හා කැලතේ
නිවැරදි මඟ හද මිට මොලවාගෙන
ලකල කුසුම් දහසක් ළය පිබිදේ
කැප්පෙටිපොළ පාසල අපගේ
දුලවන ලක අහසේ

හෙට දින වැඩියෙන් හොඳ බව දන්නෙමු
ඇදුරිඳු සෙවණේ යහ මඟ යන්නෙමු
ගුණයෙන් ඔකඳ ව දිරිය ලබන්නෙමු
අපි උත්තම ගණ මිනිසුන් වන්නෙමු
කැප්පෙටිපොළ පාසල අපගේ
සුවහස් කල් සැරදේ

pic. - Georgy Nikolaevitsh Bibikov, Russian, 1903 - 1976

Wednesday, June 26, 2013

මට නොතේරෙන දෙය

Terrace View by Brent Lynch

හිස් බව විසින් වමාරනු ලැබ
ක්ෂිතිජය ලා නිල් පැහැ වැළඳගෙන
සලිත වීමක් පිණිස ඈත අහසින්
පොපියන්නේ ඇහි පිය
නිසංසල මුහුද, රළ බිඳ
නඟිනු බිම් මහල තරප්පු පෙළ
මට නොතේරෙන දෙය
මේ නිහඬ පාළුව

pic. - Brent Lynch, Canadian

අම්මා මඟ බලනවා ඇත

Nathalie Picoulet, Le petit turban bleu

අගෝස්තුවේ මෝසම් සුළඟ
දැනේ මගෙ හිත 'ත්ලට
දැන් අපේ ගෙයි මිදුල පුරා
කජු කොළ වැටී හඬනු ඇත

බක් මාසෙ හැමදාම
නැත්තෙ මන්දැයි කියා
කුප්පි ලාම්පු එළිය අල්ලා
අම්මා මඟ බලනවා ඇත

කජු පල අහුලන්න දිව යන
සිඟිති පා හඬ සමඟ ම
ඔන්චිල්ලාවේ කිරි කිරි හඬ
ඇගේ හිත සොයනවා ඇත

Picture. - Nathalie Picoulet, French

කඩි කුලප්පුවැති ටැක්සිය,

Del Orfano, The Long Goodbye

දිගු සමු ගැන්මක්
හුදෙකලා ඇස් මත පතිත
තුරු පතින් ගිලිහි පිනි බිඳු
මලක පෙති මුණ ගැසෙයි

පාෂාණිභූත වී
ලොව නතර වනු පිණිස
නතර කර ගන්න ගෙරවුම
කඩි කුලප්පුවැති ටැක්සිය

pic. - Del Orfano, American
ගණ අඳුරු අහස තැන තැන
කුඩා එළි ලප විසිර යයි
ජැටිය මත පහන් එළි
සිප ගනී ඉහළ විහිදෙන මුහුදු දිය
වැල්ලෙහි වැතිර බලා ඉමි අහස දෙස

ශ්වේත පැහැ වස්ත්‍රයක් ඇඳ
නුබ කොණින් ඈ මතු වෙයි
සුදු රෝස මලක් දෙයි
එසැණින් නික්ම යයි

මුහුදේ තනි ඝෝෂාව
දරා ගත නොහැකි ව
මම වැල්ලෙහි ම වැතිරෙමි - See more at: http://amaleymunasinghe.blogspot.com/#sthash.KCDcx8zV.dpuf

මම වැල්ලෙහි ම වැතිරෙමි.



ගණ අඳුරු අහස තැන තැන
කුඩා එළි ලප විසිර යයි
ජැටිය මත පහන් එළි
සිප ගනී ඉහළ විහිදෙන මුහුදු දිය
වැල්ලෙහි වැතිර බලා ඉමි අහස දෙස

ශ්වේත පැහැ වස්ත්‍රයක් ඇඳ
නුබ කොණින් ඈ මතු වෙයි
සුදු රෝස මලක් දෙයි
එසැණින් නික්ම යයි

මුහුදේ තනි ඝෝෂාව
දරා ගත නොහැකි ව
මම වැල්ලෙහි ම වැතිරෙමි

pic. - Claude Monet (French, Impressionism, 1840-1926)

සේකර ව හමු වුණොත් පොඩි හාදුවක් දෙමි.

Alessandra Roberti, Due Amici

පැහැදිලි අහස මත
හිරු නැඟෙන යාමෙක
රන් තැටියක් අරන්
කිරි පැණි වගුරාවි සඳ
මම අහසට නැඟී මහත් අරුමැසි අතර පාවෙන

කවිය පාරුව කරන් අසෞම්‍යයෙන් පලා යන්නෙමි
අහසෙහි පැල් බැඳන් පලක් නැති කවියක් ව ඉන්නෙමි
මම සමනලියක්මි ගහ කොළ මල් උරා බොන්නෙමි
සුමුදු අත්තටු අරන් මිහි සිඳු සිසාරා යන්නෙමි

ලොන්ග්ස්ටන් හියුස් තබා සේකරවත් නොහඳුනමි
රූමී ව හඳුනමි ආලයෙන් වෙළී මත් වන්නෙමි
ජීවිතේ දුක 'තැර චමත්කාරය අතට ගන්නෙමි
සේකර ව හමු වුණොත් පොඩි හාදුවක් දී යන්නෙමි

විමසන්න එපා මා කුඩා කෙල්ලක පමණි
කවිකාරියක් නොවෙමි කලාවත් නොහඳුනමි
උඩ පැන පැන පැන දුවමි හිම මල්  සිප ගනිමි
රතු මේපල් අතු දිගේ නිල් කැට මල් සොයමි

Pic. - Alessandra Roberti, Italian, Born 1971

සොයුරිය,

ගුරුවරියක් ගඟට පැන මිය යයි. - පුවතක්

Brad Kunkle, Unknown Title

වියෝ දුක් දැනෙන හිත් ළඟ මිහිරි අකුණක් ව ගුලි වෙමි
ගල් ගැහෙන අහස ළඟ නූල් පන්දුවක් වී නැවතෙමි
දිය රැළි සිඳ බිඳන් නුඹට එනු හැකි නම්
නුඹේ සිත සුමුදුවට සිප ගමි

සිතේ රූ සඟවා ගඟ ගලා යන්නැති සයුරට
නුඹේ ඇස් වගේ එළි මල් හිනැහේවි ඉඳ හිට ජැටිය පිට
දුක ජීවිතේ ඇත්තයි නුඹ විඳ තිබූ විදිහට
ඒ වුණත් දුකට පැරදීම මහත් නපුරක් මැ යි සොඳුරිය

වසන්තය ඇවිද යයි කවුළුවෙන් විටින් විට ඈතට
ඒත් ගහ කොළ මල් තනි රකියි නුඹේ හිත තනිවට
ජීවිතේ ණය තුරුස් අපට මිස නොවේ ඒ ලෝකෙට
හැම මොහොත මල් පිපෙයි අපේ ඇස නොදැක්කත් සොයුරිය

pic. - Brad Kunkle, American

Tuesday, June 25, 2013

අවන්හලක් අත වනයි

Luc Tuymans, Wandeling

අවන්හලක් අත වනයි
කෝපි උගුරක් බී යන්න එන්නැයි
හරි ශීත නොවෙද වැහි කාලෙ
වැහි තුරන් වන තුරු මඳක් නැවතී යන්නැයි

නැවතුණත් යා යුතුයි
කිම්දැයි පමා වෙමි ඉතින්
අත වනා යමි සැණින්
වස්සාන සිත අරන්

pic. - Luc Tuymans, Belgian, Born 1958

ජිරාෆයෝ :))))))))

Giraffe

ජිරාෆයෝ මම ඔයාව වැව රවුමේ ගෙනියනවයි
ඕලු නෙළුම් මානෙල් කෙකටිය මල් කඩලා දෙනවයි
පොඩ්ඩක් ඉස්සී අහසට මට සඳ නෙළලා දුන්නොත්
කිරියි පැණියි හැමදාමත් නුඹ හට වරදින් නෑ ම යි

වතුරට බය වෙන්නෙ මොකද සූරයි මම ඔරු පදින්ට
වතුරට වැටුණොතින් ඔයා වතුරත් බය වෙයි හොඳට ම
තාත්ත නැති අතරේ අපි දුවන් ගියොත් අර කැලේට
රෑ දාවල් නැතුව අපට හැංගෙන්නට හැකි වේවිය

මේ ලෝකේ මැවිල ඇත්තෙ හරි සුන්දර හීනවලින්
කියා දිනක් අත්තම්මා තමා ය කියලා දුන්නේ
හීන ගොඩින් එකක් ඉතින් නුඹට මටත් වැඩි වේවිද
මං කැමති ම හීනවලට ඔයත් ඉතින් එහෙම නේද?

pic. - Michael Sowa, German, Born 1945

කුකුල් කකුලක්මි මම

Chicken Legs

කුකුල් කකුලක්මි මම
බොහෝ කලකට පෙර ඇවිදුව
මහත් ඇත්තන්ගේ
කටවල් අතර සූප්පු වෙන

පවුලක්ද විය බොහෝ පෙර
දූ පුතු බිරින්දෑ සහිත ව
දැන් ඉතින් අප සැවොම
එක ම සැලියක පදම් වෙන

කුකුල් අයිතිවාසිකම් කියා
ඇත්තේ ම නැතිද යම් දෙයක්
පාට පාට කණ්ණාඩි අතර
අපි ඔහේ පාවෙන

එක් කලෙක ලෝකයක් විය
වී බිසි තැනිතලා අතර
නගරයේ අවන්හල
සොයා එන්නට පෙරාතු ව

pic. - Kim Schuessler, American

නටන්නෙය තුරු පත්

Rockport Harbor

වැසි දිය විසින් සූරන ලද
හරිත කැන්වසය මත
ඒ මේ අතට දෑත් විහිදා
නටන්නෙය තුරු පත්

දිය මතට වැටි
දුඹුරු පැහැ ගෙවල්වල
වසා ඇත අරින්නට
අමතක ව ගිය කවුළු

ජබර කොළ රැසක්
දෙපසට හිස් වනයි
සුදු අහස දෙස බලාගෙන

pic. - Jerri Ricci, American, 1916 - 1996

Monday, June 24, 2013

13



13 ලියන්න ඕනි
13 හදන්න ඕනි
මේක හරි අහිතකරයි
දන්නවනෙ..
'ගොට් ඉට්...'

13 මෙන් වකුටු වෙමි
උණ ගැනෙමි
නිදා ගමි 

පොලිසි දෙකක්!! 
ජාතික පොලිසියක්  
පළාත්බද පොලිසියක්!!
පළාත්බද පොලිසියේ ප්‍රධාන තැන පළාත් මහ ඇමතිට වග කිව යුතු
පළාත් මහ ඇමතිගේ පාලනයට යටත් පළාතේ නියෝජ්‍ය පොලිස්පතිට.
පළාත තුළ ජාතික පොලිසියට නිල ඇඳුමක් පාවිච්චි කරන්න බෑ
පළාත් සඳහා නිල ඇඳුම් සහිත එක් පොලිස් හමුදාවක්  
[එය කිය යි,
ජාතික පොලිසියේ සාමාජිකයන් සාමාන්‍යයෙන් සාමාන්‍ය ඇඳුමින් සිටිය යුතු යැයි..]

13 සංශෝධනය පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙයි.

[යම් පුද්ගලයෙක් එක පළාතක අපරාධයක් කොට වෙන පළාතකට පලා යාමේදී, අපරාධය සිදු වූ පළාතේ සේවය කරන පොලිස් නිලධරයෙකුට අපරාධකරු හඹා ගෙන ඔහු පලා ගිය පළාතට යෑමට පළාත් සභාවේ අවසරය නොමැති ව නොහැකි ය.
තව ද, මේ තුළින්, වෙන පළාතක පොලිස් නිලධරයෙකු තම පළාතට ඇතුළු වීම වැළැක්වීම සඳහා පළාත් මායිම්වල පොලිස් මුරපොළවල් පවත්වාගන්නත් පළාත්බද පොලිස් හමුදා අංශයට හැකි වේ.]

'මට නං එපා එක පොලිසියක්වත්'

'එහෙම කොහොමද ළමයො නීතිය පැවතෙන්නේ'

13 මෙන් වකුටු වෙමි
උණ ගැනෙමි
නිදා ගමි

'දැන් ලෑස්තිද 13
මේක මිනිස්සු අතරට ගෙනියන්න ඕනි'

නෑසුණා මෙන් ඉඳිමි
ක්ෂුද්‍ර ජීවියෙකු වෙමි
13 දිරා ගොස් වෙව්ලනා හැටි දකිමි

pic. - brucekrasting.com/?attachment_id=5516

Sunday, June 23, 2013

එන්නෙමි මම නැවත



පලා යන්නට අවසරයි මට නැවත
එ' ගම් මැදි සොඳුරු වැහි වන වෙතට
ලන්තෑරුමක් රැගෙන මඟ
පෙන්වන්න එනු පිණිස
එ' කල්හී මිය ගිය ආලයෙහි මහරු කොත

ගැල පැදන් එන්නෙමි මම නැවත
ඌෂ්ණය පිරුණු බිම් කඩ අතැර
සොයා ගනු පිණිස මඟ
ගයනු මැන යාදිනිය
අඳුර පිරි ලෝකයෙන්
එන්නෙමි මම නැවත

වර්ණ තිත් එකතු කර
මහා සිතුවම් මවන් - ඔබ කොපුල
සනසන්න මා ළඳුනි
මවා මඟ පහන් එළි

pic. - Guy Dessapt

ආලයක් මැවෙනා



කෞමාර නෘත්‍ය භෘංගාසයෙන් නැඟී
ආකුඤචිත ව ගය යි වෙණ ගායනා දැන්
පද්මාකරෙන් විදී ආකාශලොව්නා
ප්‍රේමයක මනභූමි සුගන්ධය  ලිහුණා

මොළොක් අටි අත්වලින් වරල් අස් මිදෙනා
ලලිත සාහිත කලා ළය දිගේ ලිහෙනා
සුඟ ඉති සිනාවක් මුදුතා ව නැඟෙනා
සුභරතා ලෝලයෙන් ආලයක් මැවෙනා

pic. - Svetlana Valueva

Wednesday, June 19, 2013

"The woman is the reflection of her man"

"අර ආච්චිලා හොඳයි, මෙයාට වඩා" අසනීප වී දින කිහිපයක් යන්නත් පෙර ම ඔබේ කසුකුසුව මට ඇසිණි. චෝදනා කෝටියකි. දිනෙන් දින ම හැඩි වූ කාමරය අපායක් වෙමින් තිබේ. දිනෙන් දින ඔබේ රෙදි කන්ද ද ඉහළ යමින් තිබේ. කාමරයේ පිළිවෙළ නැති ව ගොසිනි. තැන තැන බස් ටිකට් විසිර ඇත.

ඔබට ඒ අතර ගෙදර සාදයකි. සිය සොහොයුරිය සමඟ එක් වී එක එක කෑම සැකසෙනු ඇසෙයි. ඔබ ඒ වෙනුවෙන් වැඩටත් ගොස් නැත. "මං වැඩට ගියා කියල හිතාගන්න" ඔබ උදෑසන ම මා වෙත නියෝග පනවා ඇත. ඉතින් ඇය කුසගින්නේ ම ඇඳෙහි ගුලිවන්නී ය. "අපි යනව ෆුඩ් සිටි, බඩු ගේන්න" "අනේ මටත් ජුජුස් ගෙනත් දෙන්න" ඇය කිය යි. "මෙයා පොඩ්ඩක් ලෙඩ වුණොත් ඇති, මෙයා කැමති දේවල් ඔක්කොම ගෙනත් කන්නයි හදන්නෙ" ඔහුගේ සොහොයුරිය කියයි. ඇය කිසිදිනෙක කෑම සඳහා ජීවත්වන්නියක් නොවුණ ද කරබා ගනි යි.

දහවල් දෙක පසු වූ පසු ඇයට ජුජුස් ලැබෙ යි. ගණන් කිරීම ලෙහෙසි පහසු වන පරිදි ය. හරියටම පෙති තුනකි.

"ලියුම් ලියන්නෙ ඉස්සර මිනිස්සු..ඒ වගේ බාල බොළඳ වැඩ මම කරන් නෑ.."

"තෑගි..!"

"අපෝ, අපි විතරක් මේ ගමන ගිහින් වැඩක් නෑ.. අම්මලාවත් දාගෙන යමු"

"ඔයා කියන විදිහට වෙන ම ගෙවල් අරන් ඉන්න බෑ.. මාත් එක්ක ඉන්නව නම් මේ විදිහට මිස වෙන විදිහක් නෑ.."

"ඔය රස්සාව ඔයාට හරියන් නෑනෙ.. ඕකට යන්න හිතන්නවත් එපා"

"පිස්සුව හැදීගෙන එනවද.. සිහිකල්පනාවක් නැතුව කුරුටු ගාන්නෙ"

ප්‍රියය,

ඔබ නිදි අතර, නිදි නොලබා ඔබේ බිරිඳ වැළපෙන හඬ ඔබට තවමත් ඇසී නැද්ද?
ඇයට ඔබේ ඇඳුමක් සෝදා ගැනීමෙන් හෝ පහසුවක් වන්නට ඔබට නිකමටවත් හිතී නැද්ද?
ඇයට දුක කියා වැළපෙන්නට ඔබ ම හැර උරහිසක් නොමැති බව ඔබට දැනී නැද්ද?
ඇයට ආදරය කරන්නට ඔබ හැර වෙන කිසිවෙකු නොමැති බව යන්තම්වත් සිතී නැද්ද?
එසේ නම්, ඔබ අරුම පුදුම ස්වාමි පුරුෂයෙකි. එහෙත්, ඔබ බොහෝ දෙනා ඉහත ආකාරයේ බව මම හොඳාකාර ව ම දනිමි.

ඇය ඔබ හා විවාහ වූයේ සෙනෙහස, සොම්නස අතර ඔබ වෙනුවෙන් ජීවත් වන්නට මිස, ඔබේත් ඔබේ පවුලේ අයගේත් ඕනෑ එපාකම් පිරිමසිමින් ජීවත් වන්නට නොවන බව ඔබ දැන සිටියාද?

ඔබට මෙන් ඇයටත් ඇය කැමති දේවල් ඇත. ඉතින්, ඇයට කුඩා තෑග්ගක් දෙන්නට ඔබට අමතක වීම ම පුදුමයක් නොවේද? තෑග්ගක් යනු මහා වියදම් සහිත දෙයක් විය යුතුද? නැත.. ඔබ දෙදෙනා වෙනුවෙන් සිටුවීමට කුඩා මල් පැළයක්, ඔබෙත් ඇගෙත් සේයාරුවක්... මේ කුඩා දේවල්වල සතුට අත් හදා බලන්නට ඔබත් කැමතිද?

ඉර බැස යන සැඳෑවක, ඇයත් සමඟ පොළ වෙත ඇවිද ගොස් ගෙදරට ඕනා බඩු භාණ්ඩ ගන්නට ඔබට හැකියාවක් ඇත්තේ ම නැද්ද?

ඒ වෙනුවට, ඔබත්, ඔබේ නෑසියන් මිතුරන් සමඟ බිරිඳගේ නුගුණ කියමින් කල් ගෙවන සැමියෙක්ද? ඔබ කිසිදිනෙක ඇගේ හද මත ආදරය හෝ ඇගේ ඇස තුළ වේදනාව දැක නැද්ද?

Brad Pitt ඔහුගේ බිරිඳ ගැන කියූ දේත් මේ සමඟ ඔබට කියැවිය හැක.

Brad Pitt about His Wife


Photo: Brad Pitt about His Wife

 A Secret of Love

 My wife got sick. She was constantly nervous because of problems at work, personal life, her failures and problems with children. She has lost 30 pounds and weighted about 90 pounds in her 35 years. She got very skinny, and was constantly crying. She was not a happy woman. She had suffered from continuing headaches, heart pain and jammed nerves in her back and ribs. She did not sleep well, falling asleep only in the morning and got tired very quickly during the day. Our relationship was on the verge of break up. Her beauty was leaving her somewhere, she had bags under her eyes, she was poking her head, and stopped taking care of herself. She refused to shoot the films and rejected any role. I lost hope and thought that we’ll get divorced soon… But then I decided to act on it. After all I’ve got the most beautiful woman on the earth. She is the ideal of more than half of men and women on earth, and I was the one allowed to fall asleep next to her and to hug her shoulders. I began to pepper her with flowers, kisses and complements. I surprised her and pleased every minute. I gave her lots of gifts and lived just for her. I spoke in public only about her. I incorporated all themes in her direction. I praised her in front of her own and our mutual friends. You won’t believe, but she has blossomed. She became even better than before. She gained weight, was no longer nervous and she loved me even more than ever. I had no clue that she CAN love that much.

 And then I realized one thing: ""The woman is the reflection of her man""

 Brad Pitt

A Secret of Love

My wife got sick. She was constantly nervous because of problems at work, personal life, her failures and problems with children. She has lost 30 pounds and weighted about 90 pounds in her 35 ye
ars. She got very skinny, and was constantly crying. She was not a happy woman. She had suffered from continuing headaches, heart pain and jammed nerves in her back and ribs. She did not sleep well, falling asleep only in the morning and got tired very quickly during the day. Our relationship was on the verge of break up. Her beauty was leaving her somewhere, she had bags under her eyes, she was poking her head, and stopped taking care of herself. She refused to shoot the films and rejected any role. I lost hope and thought that we’ll get divorced soon… But then I decided to act on it. After all I’ve got the most beautiful woman on the earth. She is the ideal of more than half of men and women on earth, and I was the one allowed to fall asleep next to her and to hug her shoulders. I began to pepper her with flowers, kisses and complements. I surprised her and pleased every minute. I gave her lots of gifts and lived just for her. I spoke in public only about her. I incorporated all themes in her direction. I praised her in front of her own and our mutual friends. You won’t believe, but she has blossomed. She became even better than before. She gained weight, was no longer nervous and she loved me even more than ever. I had no clue that she CAN love that much.

And then I realized one thing:
"The woman is the reflection of her man"

Brad Pitt


from - Identity Magazine's photo.

Tuesday, June 18, 2013

මියෙන කන්දක්මි.

http://www.wallpapersland.net/wp-content/uploads/2012/03/Mountain-tops-in-clouds-500x281.jpg

උස් පාත් වෙන්නට නොදෙන
වලා ගුලි අතර ගෙල සිර ව
මියෙන කන්දක්මි මම

pic. - wallpapersland.net/2012/03/11/mountain-tops-in-clouds/


'සූදානම්ද ඔබ?'

Ecce Ancilla Domini! (The Annunciation)

රෝස පැහැ වලාකුළු පැමිණ
කවුළුවෙන් එබෙයි
ගිලන් ඇඳ වෙත

තුරු පතක් සැලී විමසයි
'සූදානම්ද ඔබ?'

සූදානම් ය පවසමි මෙවර
මන්ද ස්මිතයක් ඇති ව ම

pic. - Dante Gabriel Rossetti, English, 1828 - 1882

මට යන්න දෙන්න

The Temptation

මට යන්න දෙන්න
දුක අරන් ඉතින් මට යන්න දෙන්න
නුඹ හද පෑරූ සවනත සීරූ
කඳුළු ගතු දුක්
තනි අතින් අරන් මට යන්න දෙන්න

හිස් අහසක් කලඹා කුමටද
දේදුනු පෑ සිහින සොයා
හිතට නොදැනෙනා සෙනෙහස පිණිස
කුමටද ගඟක් හඬා
මට යන්න දෙන්න
මළවුන්ගේ මුහුදට යන්න දෙන්න
පෙණ පිඬක නැඟී පාවෙන්න දෙන්න
මා නොදත් ලොවට මට යන්න දෙන්න

pic.- Arlette Steenmans, Belgian, Born 1958

Saturday, June 15, 2013

වසන්තය ගෙන එන්න පුළුවන්ද දවසකට?

Hsin-Yao Tseng, Rainy Mood

Friday, June 14, 2013

උපන් දින සාදයක් කොට මා

Helen Sobiralski, Judith mit Fabe

උපන් දින සාදයක් කොට මා
බුදින්නට මඟ බලන මිනිසුනි
මහ මඟට ඇද වැටුණු දිනයක
ගල් ගසා මා මරන මිනිසුනි

නුඹට දෙන්නට එකදු අකුරක්
කුමට මවමිද මහත් වෙහෙසින්
කැඩපතක් වෙමි එවන් හැම විට
නුඹට නුඹෙ රුව පෙනෙන අයුරින්


pic. - Helen Sobiralski, German 

වැසි අරන් ඇය ඈත ගියා


ගිටාරය මා අසල තියා
ආලයේ ස්වර බිඳිනු කියා
හැකි තරම් නිහඬ අඩි තියා
වැසි අරන් ඇය ඈත ගියා


බෙදා ගත් උණුසුම් තේ බඳුන මේ මෙතැන
ගල් ගැසෙයි සීත වෙයි නුඹ නැති ව මුළු කුටිය
ආගන්තුක යි මට මගෙ කවිත් නුඹ නැති ව
සුසුම් වැසි නුඹ වටේ නොවෙයි ඒ මගෙ කුටිය


Pic. - Mark Keller

ඔව්, මලීනා මා කැමති චිත්‍රපටයකි.



"Time has passed and I have loved many women. And as they´ve held me close and asked if I will remember them, I believed in my heart that I would.But the only one I've never forgotten,is the one who never asked... Malena"
.

Malèna මට නොකියවා සිටිය නොහැකි තරමට සංවේදී ය. මම විචාර ලියන්නට මහත් අලස එකෙක්මි. එහෙත්, කුමක් හෝ ලිවිය යුතුයැයි මට සිතේ. මලීනා ඉතාලි චිත්‍රපටිය මම නැරඹුවෙමි. නිර්මල ගැහැණියක සමාජය විසින් තල්ලු කර දැමූ ජඩ අන්තය සුපැහැදිලි ව දුටුවෙමි. ඒ පොඩි දරුවෙකුගේ ඇසිනි. අහම්බයෙන් එම සුන්දර ගැහැනිය දුටු කුඩා දරුවා ආලය හා ශෘංගාරය විසින් ගෙන යන ලද ඉසව්වට මම මහත් අකැමැත්තෙමි. එහෙත්, ඒ ඇසින් නිර්මාණකරුවා සොයා පෙන්වන ලද සත්‍යයට මම මහත් කැමැත්තෙමි.

මෙම සිනමා පටය පටන් ගෙන මොහොතකින් ම මම අන්තර්ජාලයෙන් එය සොයා කැමැත්ත ප්‍රකාශ කළෙමි. වැඩිහිටියන්ට උචිත එය ඇතැම් විට මනස සහ ශරීරය අතර ගැටෙන විට, නැවත එතැනට ගොස් ආසියානු කුඩා මනස විසින් පොළඹවන ලදු ව කැමැත්ත ඉවත් කර ගතිමි. තවත් ඉදිරියට යන විට මෙකී සිනමා පටය විසින් පසුබිමෙහි ගෙන හැර වදාරන තථ්‍ය අමිහිරි යථාර්ථයන් කොතරම් නිවැරදිද යත් සහ එය අප ජීවත් වන සමාජයෙහි කුහකත්වය කොතෙක් නිරාවරය කරන්නේදැයි දැක, මෙය කිසිසේත් ම අකැමති විය හැකි චිත්‍රපටියක් නොවන බව මම ඉඳුරා පසක් කර ගතිමි.

ඔව්, මලීනා මා කැමති චිත්‍රපටයකි.

http://en.wikipedia.org/wiki/Mal%C3%A8na

 

Director: Giuseppe Tornatore
Initial DVD release: July 10, 2001
Awards: David di Donatello for Best Cinematography