Monday, September 30, 2013

කිරි කෝප්ප

New Moscow

හිම 

සිහින් 
දුමාරයක් ව 
වීථි
පසු කර 

කෝපි හල තුළ
දුම් දම යි 
කිරි කෝප්ප

Picture -
Yuri Pimeno, Russian, 1903 - 1977

පොදු සුසුමක් ය කඳුකර

 














මොර සූරන වැස්ස
ගල් ගසන්නාක් මෙන්
දිය කලතමින් නැඟේ

තෙතමනය බර වාතාශ්‍රයකි
දිය ඌල් පසුකර
අධිවේග දුම් රියක් මෙන්


පොදු සුසුමක් ය කඳුකර
කෙසඟ අත් මතින් නැඟෙන
සියක් කෘශ ගැහැණුන්
තෙලිතුඩට ගනිමින් වලා වියන
දර මිටි අතර සිර වෙන
සිහින් ඉකියක් නැඟෙන
බරැති කළ ගෙඩි පෙළක්
පල්ලමට බසින

එන් කලියෙන් වැස්ස
ගෙමිදුලට පනින
හති හලන හිම හදවත් ය
උණුසුමක් නොදැන

Picture - www.infoniac.com/environment/united-nations-world-water-day-on-march-22.html

තරු තොප්පිය අමතක ව



කඳු දිගේ විසිර යන
රිය වෙණ සිවුරුහන අතර
තරු තොප්පිය අමතක ව
මිහිමතට වැටෙයි සඳ

Picture - Vincent van Gogh, 1888

සඳේ

Irene (Lady with Peonies)

වළාවෙන් වැසී ගිය 
නුරාවෙන් පාළු වුණ 
සරා සඳ ඇවිත් නුබ පෙතේ 
ළසෝවෙන් ගයන්නෙද
නිල් මලැති ඇස් ඇති ව 
රෑ පුරා බැබළෙනා සඳේ

Picture -
Marguerite Stuber Pearson, American, 1898 - 1978

මුදු සුළඟ

Laguna Sea

මුහුදට වඩා වේගයෙන්
මුදු සුළඟ

Picture -
Edgar Alwin Payne, American, 1882 - 1947

මතක සුළි

Old Days

සුළඟක් මෙන් නැඟෙයි
මතක සුළි

නොහඳුනනා සුවඳක් විසින්
පාත් කරනු ලැබ හිස
නෙත් දෙකක් හිනා වෙයි
ලෝකය ම මඟ හැර


Picture - Carl Newland Werntz, American, 1874 - 1944

Saturday, September 28, 2013

නැවුම් හුස්මක් දෙන්න පෙම්වත..



ජීවිතය වෙත මා ගෙන එන්න
නැවත පෙම්වත
හාදුවක උණුසුමින්
සිසිරය ම යට කොට
නැවුම් හුස්මක් දෙන්න
පෙම්වත

නා දළුයි කී උවම්
එපා මට පොදි බැඳ
දිදුල නිල් නයන හා
මුනිවත ය මිහිරි ම

හිරු නිවෙන සඳ නැඟෙන
සුමධුර ම සමයක
ගිම් නිවන අඳුර හා
මුමුණන්න දිවිය ම

Picture - Chennayi Express