නිමිත්ත - "මම ජීවිතේ වැඩිපුරම දුක්වුණ සිදුවීම වුණේ ඒ කාලේ. මට ගිටාර් එකක් තිබුණා. ඒක හොඳටම පරණ එකක්.කොච්චරක් පරණද කියනවා නම් තත් කැඩිලා. කවරයක් නැති නිසා ගිටාර් එක ඔතාගෙන යන්නෙ ඉටිරෙද්දකින්. සමහර වෙලාවට ඔය ගිටාර් එක අරන් බස් එකේ යනකොට මිනිස්සු මට පිස්සෙක් කියල කියනවා මගේ කනටම ඇහිලා තියෙනවා.බයිසිකලේ යද්දී කණුවක වැදිල මගේ එකම වස්තුව වගේ තිබුණ ඔය ගිටාර් එකත් දෙකට කැඩුණා. එදා මට දැනුනෙ මම මැරුණා වගේ. මම අඬ අඬා ම ඉස්කෝලෙට ගියා. පස්සෙ අපේ තාත්තට කව්ද කියල ප්‍රාදේශීය සභාවෙ සභාපතිට කියන්න එයා ඔය ආධාර දෙන වැඩ කරනවා කියල. මගේ දුක උහුලගන්න බැරිව තාත්තා ලියුමකුත් ලියාගෙන මට ගිටාර් එකක් පරිත්‍යාග කරන්න කියල සභාපති ළඟට ගියා. ඒ වෙලාවෙ සභාපති අපේ තාත්තට කියල තියෙනවා.'හින්දි ප්‍රේමේ'......මෙහෙ දානෙ දෙන්නෙ නෑ' කියල. අසරණ වන තරම කිව්වොත් එදා තාත්තා ගෙදර ආවෙත් ඇහේ කඳුළු පුරෝගෙන.
හැබැයි ඊට පස්සෙ තාත්තා කුඹුරුවල කුලියට ගොයම්
කපන්න ගිහින්
මට මැඩ්ලින්
එකක් අරන් දුන්නා.ඒකෙන් මම කැරකෙන රෝදේ සිංදුව ගහනකොට මුළු ගමම ඇවිත්
අහන් හිටියා. පස්සෙ ඔය මැඩලින් එක නැතිව ප්‍රදේශයේ පැදුරක් තිබුණේ නැති
තරම්.."
දර්ශන රුවන් දිසානායක
දර්ශන රුවන් දිසානායක
http://epaper.divaina.com/index.php?option=com_flippingbook&view=book&id=1135&page=1
ගෑටුවද
වන ලැහැබ් වෙල් ඉපැනැලි මත
වසා නොගත් පාවලින්
අත වැනුවද
ගෑටුවද
වන ලැහැබ් වෙල් ඉපැනැලි මත
වසා නොගත් පාවලින්
අත වැනුවද
පැරකුම් සමුදුර එ විට
දිය බිඳක් දෙනු පිණිස
ගියාද ඔබ ඇවිද ඒ දෙස
හඳුනාගත්තාද
නිබඳ දිය මත ඇඳි සරළ රළ
මිරිදිය පොකුණු මත
මල් මවන්නේ
බිඳී ගිය තතැති ගිටාරයද
හද දිය කලතමින්
නුබ නැඟෙන්නේ
මිනිසත් බවින්
සැලී ගිය හඬද
දිය බිඳක් දෙනු පිණිස
ගියාද ඔබ ඇවිද ඒ දෙස
හඳුනාගත්තාද
නිබඳ දිය මත ඇඳි සරළ රළ
මිරිදිය පොකුණු මත
මල් මවන්නේ
බිඳී ගිය තතැති ගිටාරයද
හද දිය කලතමින්
නුබ නැඟෙන්නේ
මිනිසත් බවින්
සැලී ගිය හඬද
ගඟුලක් ගලන්නා සේ
ගලා යන්නේ සරිගමා....ආ...ආ........ආ..........
රළු අතින් නැඟි මුදු සරද?
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
ගලා යන්නේ සරිගමා....ආ...ආ........ආ..........
රළු අතින් නැඟි මුදු සරද?
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
පුතේ ඔබ රටේ රන් කිරට ණය නැතේ
අතේ ගුලි කෙරූ බිඳි තතට ගුණ ඇතේ
සතේ සොයනා ලොවට පුරා දී බැතේ
සිතේ සක්මන් කරන තනු මවන නෙතේ
Picture Source - ctmusictherapy.com/wordpress/our-blog/
"සිතේ සක්මන් කරන තනු මව නෙතේ"
ReplyDeleteඔය විදිහට වෙනස් උනා නම් ගාණට රයිම් වෙනවා.. ලස්සනයි..අර්ථය ගාම්භීරයි...
ස්තූතියි..
Deleteගොඩක් ඉහලට ගිය අයගේ අතීතය මේ වගේ තමා
ReplyDeleteඔව් ඉතින්, ඒක ම තමයි සුන්දර ගමනක පරිපූර්ණත්වය කියන්නේ... ආ මඟ අමතක නොකරන කොටයි ඒ ගමන අර්ථපූර්ණ වන්නේ..
Delete./////ඔව් ඉතින්, ඒක ම තමයි සුන්දර ගමනක පරිපූර්ණත්වය කියන්නේ... ආ මඟ අමතක නොකරන කොටයි ඒ ගමන අර්ථපූර්ණ වන්නේ..////
ReplyDeleteකඳු ,බ්ලැක් පූමාට දාලා තියෙන මේ රිප්ලයි එක තමයි ....ආ මග ජීවිතයේ.....සරලව අවසන් කරන්නට තිබිය යුතු හොඳම ගුණය.
දර්ශන රුවන් දිසානායක මෑතකදී අපට ලැබුනු අනගි සම්පතක්.