ආන් ජුන් උදක් ම කියා සිටින්නේ මේ පින්තූර
ෆොටෝෂොප් නොකළ ඒවා බවයි. ඇතැම් විට
සන්නාහය වගේ ආරක්ෂිත ක්‍රියාමාර්ග භාවිත
කළත්, මේ නිර්භීත තරුණිය සියලුම ඡායාරූපවලට
පෙනී සිටින්නේ ගොඩනැගිලි කොන් වල එල්ලෙමින් හෝ අහස සිඹින කවුළුවලින් පිටතට
එබෙමින්.
ලොව පුරා තිබෙන ඉතා උස ගොඩනැඟිලි මත මහත් අඩමාන
ආකාරයන්ගෙන් තම රුව ඡායාරූපයට නගමින් කලා ලොව කැලඹූ ඇගේ මේ ව්‍යාපෘතියේ නම
‘Self-Portrait’ (‘ස්ව ඡායාරූප’).
හුඟක් අය මේ ඡායාරූප මහත් බියජනක ලෙස නිමැවුම පිණිස ඩිජිටල්මය වශයෙන් වෙනස්
කර ඇති බව කියා පෑවත්, මේ තරුණ ඡායාරූප ශිල්පිනිය නම් කියා
සිටින්නේ මේ ඇත්ත ඡායාරූප බවයි.
ඇය කරන්නේ කැමරාවේ මතක පත පිරෙන තුරු හැකි තරම්
ඡායාරූප ගැනීමට කැමරාවේ වේලා තබනය සකස් කොට අහස සිඹිනයක අග්ගිස්සේ ත්‍රාසජනක ලෙස
නැවෙමින්, ජනේලයෙන් රිංගමින් හෝ පහත අගාධය දෙස
දෙපයින් සිට බැලීම වන අදාළ ඉරියව්ව ගැනීම පමණයි.
ඉන්පසු ඇය දහසක් පින්තූරවලින්,
ඇය බියසුලු ව
පෙනෙනවාට වඩා සාමකාමී ව හෝ චණ්ඩි ලෙස පෙනෙන
ඡායාරූප එකක් හෝ දෙකක් තෝරා
ගන්නවා.
තම ‘ස්ව
ඡායාරූප’ ව්‍යාපෘතිය ගැන ආන් ජුන් කියන්නේ
මෙහෙමයි.

ඒ මොහොතේ මා දකිමින් සිටි නගරාවකාශයේ දර්ශනය
තථ්‍ය වුණේ නෑ. මට දැනුණා, අනාගතය කියන්නේ හරියට ම මනෝරම්‍ය ගොඩනැඟිලි සමූහයක මායාවක් වගේ.
එහෙමත් නැත්නම්, අප වටා තිබුණත්, අපට කිසි විටෙක ළඟා වන්නට නොහැකි පරමාදර්ශයක්
වගේ.


ඉතින්, මේ පින්තූර දැකපු ඔබේ හිතට දැනුණෙ මොනවද? ඒක රහසක් නොවෙයි නේද?
ෂසිකා අමාලි මුණසිංහ
No comments:
Post a Comment