
ලන්තෑරුම කෝ
ලන්තෑරුම කෝ
අඳුරු වකේ එළි බිජුවක් වැපිරූ
නිවී ගියාදෝ පණ නල සිඳිලා
පිටින් හැමූ සුළඟට කිති කැවිලා
ලන්තෑරුම කෝ
ලන්තෑරුම කෝ
කෙත රකිනා කල අඳුරු රැයේදී
බැත කල එළි වැඩි දිවි කමතේදී
හිත ගැඹුරු ම තැන පැල් කවියක් වී
හිටියේ කවුරුද නුඹ ම මිසක ඒ
කොනිති ගගා මගෙ හිත යට සිහිනය
එකලු කරා ඔබ කළුවර විජිතය
සඳ හිරුටත් වැඩි නුඹ වූ සරණය
සරණ යන්ට පෙර ගිලිහිණු පිය ලිය
Picture - Jeremy Pearse, http://pigbristles.blogspot.com
No comments:
Post a Comment