
මිනිස් ගඟ අතරතුර
ඇවිද යන අනවරත
සිතක් වෙයි සියුමැලී
ඇඳුණු කළු සෙවනැලී
දුක කියා දොරකඩ ම
උල ලේන හඬ ඇසේ
සකෙ බඳුන ගෙන එන්න
මත්වන්න සකි සඳේ
බඳ ළෙලන රුව නැඟෙන
නිම නොවන නගරයේ
හුදෙකලා සුසුමකි ය
කඳුළු කැටි ගැසි ළයේ
වැසි වැටී කුණාටුව
අකුණු ගහනා බිමේ
ගැයුණු වෙණ ගායනා
නිතොර 'විත් හද වෙළේ
Picture - Gerald Harvey Jones, American, Born 1933
No comments:
Post a Comment