Sunday, September 8, 2013

දෑස් නොපෙනෙන මව්පිය යුවළක් කියන කතාවක්

අපේ පුංචි දියණිය එක්ක සතුටින් ඉන්න අපිත් හරිම කැමතියි

දෑස් නොපෙනෙන මව්පිය යුවළක් කියන කතාවක්
ඔවුන්ගේ ගිණුම් අංකය: රොහාන් නිශාන්ත, 237200110003989, මහජන බැංකුව, කිරිබත්ගොඩ.
දුරකථන අංකය: 0713180416
සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායා: ප්‍රියන්ත ගමගේ


r20-1රොහාන්-රසිකා දෙන්නා තමන්ගේ පුංචි ගැහැනු දරුවා එක්ක ඇවිද යනවා. අපි ඔවුන් යන දිහා ටිකක් වෙලා බලා හිටියා.

“පව් නේද?” ළඟ හිටපු කාර්යාලයේ තවත් මිතුරෙක් කියනවා අපට ඇහුණා.
රොහාන්ලා ඇත්තටම පව් තමයි. ඒ ඇයි කියලා දන්නවද? ඒ ඔවුන් උපතින්ම අන්ධ අය විදිහට මෙලොවට ආපු හන්දා.
“මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ උදව්වක් ගන්නයි. අපට මේ උදව්ව අරන් දෙන්න මහත්තයා.” රොහාන් අපෙන් කළ ඉල්ලීම ඊළඟට අපේ මතකයට ආවා.
ඇත්තටම ඒ උදව්ව ඔයගොල්ලන්ගෙන් කාට හරි කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.
රොහාන්-රසිකා දෙන්නගේ තොරතුරු තවත් වැඩිපුර කියනවා නම් මෙන්න මෙහෙමයි.
රොහාන්ලා මේ වෙද්දී ජීවත් වෙන්නේ මාකොළ ඥානමෝලි මාවතේ. එහි තිබෙන කුලී නිවසක ඔවුන් ජීවිතේ ගෙවනවා.
“ගෙදරට මාසෙකට අපි රුපියල් 4000ක් ගෙවනවා. මේ මුදල අපි හොයාගන්නේ හඳුන්කූරු විකුණලා.” රොහාන් ඔය විදිහට තමන්ගේ දුක්බර ජීවිතේ ඇතුල් පැත්ත කියන්න පටන් ගත්තා.
r20-2අතපය හොඳට තියෙන ඇතැම් මිනිස්සු අනුන්ගේ දේ කොල්ල කනවා. එහෙමත් නැත්නම් ලෙහෙසියෙන් හා පහසුවෙන් මුදල් හොයාගන්න පුළුවන් මාර්ග හදාගන්නවා. එහෙම නැත්නම් අනිත් අය දෙන දේ කාලා තමන් වටා ඉන්න අයට විතරක් නමෛයි, රටටත් බරක් වෙලා ජීවත් වෙනවා.
ඒත් රොහාන්ලා එහෙම නැහැ. ඇස් දෙකම පේන්නේ නැති වුණත් සුදු සැරයටිය පාවිච්චි කරලා නිවැරදි මාර්ගය හොයා ගන්නවා. ඒ විදිහට ඇවිත් පිටකොටුවේ තියෙන තොග කඩවලින් හඳුන්කූරු මිලදී ගන්නවා.
“ඊට පස්සේ මේ හඳුන්කූරු අරගෙන මම කැලණිය පන්සල, බෙල්ලන්විල පන්සල වගේ තැන්වලට යනවා. ගිහින් පන්සලට එන අයට විකුණනවා.”
රොහාන්ට මේ රස්සාවෙන් දවසකට රුපියල් 700ක් විතර ලැබෙනවා. ඒ මුදල අරගෙන ඇවිත් තමයි මේ පුංචි දරු පවුල ඔහු නඩත්තු කරන්නේ.
“ඇත්තටම කියනවා නම් මේ රස්සාවෙන් ජීවත් වෙන්න හරිම අමාරුයි. මහන්සි වෙන තරමට ලාබ නැහැ. ඒත් ඇස් දෙක පෙනෙන්නේ නැති අපි වෙන මොනවා කරන්නද?”
රොහාන් කඩුගන්නාවේ ඉපදුණු කෙනෙක්. රසිකා බුලත්සිංහල පළාතේ.
“අපි දෙන්නා දැන හඳුනා ගත්තේ රත්මලාන අන්ධ විද්‍යාලයේදී. එහි අපි එකට ඉගෙන ගත්තා.”
“අන්ධ විද්‍යාලයෙන් ඉවත් වුණු අපි දෙන්නා දෙපාර්ශවයේම ආශිර්වාද මැද විවාහ වුණා.” දැන් ඒ දෙන්නට අවුරුද්දක් වයස පුංචි දියණියක් ඉන්නවා. ඇය රුවින්දි.
“දුව ඉපදුණාට පස්සේ තමයි අපට හිතුණේ අපටම කියලා ගෙදරක් තියෙනවා නම් කොච්චර හොඳද කියලා. ඇත්තටම එයාට ආරක්ෂාකාරී තැනක් දැන් තිබිය යුතුයි.”
රොහාන්ලා පුදුමාකාර විදියේ ආත්ම ශක්තියක් තිබෙන මිනිස්සු. ඇස් දෙක පෙනෙන්නේ නැති වුණත් මේ අය බොහොම අපූරුවට තමන්ගේ දරුවා හදා ගන්නවා. ඇය ගැන වෙහෙසෙනවා.
“රසිකාට යන්තමින් එක ඇහැක් පෙනෙනවා. එයා ඒක ප්‍රයෝජනයට අරන් ගෙදර වැඩ ටික, දරුවන්ගේ වැඩ ටික කරනවා. අඩුවක් තියන්නේ නැහැ.”
රුවන්දිත් හරිම අපූරු දරුවෙක්. මේ පින්තූර දිහා බලන කොට ඒ වග ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වේවි.
“අනේ මහත්තයෝ... අපේ දරුවා ගැන හිතලවත් අපිට ස්ථීරව ඉන්න තැනක් හදාගන්න උදව් කරන්න. ඇත්තටම එහෙම කළොත් ඒක ලොකු පිනක්.” එහෙම කිව්වේ රුවන්දි දුවත් එක්ක හිටපු රසිකා.
රසිකලා මෙහෙම උදව් ඉල්ලන්නේ ඔවුන්ට පවුල්වල අයගෙන් පවා උදව්වක් ගන්න පුළුවන් ආර්ථික හයියක් නැති නිසයි.
“අපේ පවුල්වල අයත් හරිම දුප්පත්. උදව්වක් ඉල්ලා ගන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහට උදව්වක් ඉල්ලන්නේ. අපිටම කියලා ගෙදරක් තිබුණොත් ඇත්තටම මීටත් වඩා සතුටින් ඉන්න පුළුවන්.” රොහාන්-රසිකා දෙන්නා එහෙම කියලා තමයි යන්න ගියේ.

ඔවුන්ගේ ගිණුම් අංකය: රොහාන් නිශාන්ත, 237200110003989, මහජන බැංකුව, කිරිබත්ගොඩ.
දුරකථන අංකය: 0713180416
සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායා: ප්‍රියන්ත ගමගේ


Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=17350:2013-09-08-09-44-44&catid=48:2012-04-02-08-50-52&Itemid=75

No comments:

Post a Comment