Thursday, January 31, 2013

මුද්‍රාව තැබුවෙමි


විරහව ලියා
අත්සන් කර
මුද්‍රාව තැබුවෙමි
එහෙත් ආලයේ ලිපිනයට
ලිපිය පැමිණුණු හැටි


pic. - bad-shooter.blogspot.com

Wednesday, January 30, 2013

මා ඔබ තුළ


මගේ නම
වෙනස් කර ගතිමි මම
ප්‍රේමය නමින්
දැන් සිටී මා
ඔබ තුළ


pic - kaybadd03.tumblr.com

ගිරවියේ මට හරි ම තනිකමක් දැනෙනවා

අතු ඉති දිගේ ඇවිද මලිති ඇමිණූ එදා
උදෑසන අකුරු මත ආදරය තටු විදා
වෙන අතක වෙන අතක් පතා ගියමුත් මෙදා
ගිරවියේ මට හරි ම තනිකමක් දැනෙනවා
ආදරය ඉසියුම් ව රන් අකුරු මත තබා
නිළි වැස්ස හැමදා ම කඳු දිගේ වහිනවා
මා හදේ කෙටූ සුමිහිරි ගීය වැයෙනවා
මැකී ගිය රන් පාට මං තාම හොයනවා

නොදන්නා බස්වලින් නොදන්නා කවි වලින්
නොදන්නා ආරකට කතා කෙරුවත් එදා
නුඹ නොදන්නා නුඹට නොතේරෙන තරමට ම
මං මගේ පෙම්වතිය නුඹට ආලය කළා
 pic. - photocase.com 

විදාපිය පියාපත යළිත් නොවැටෙන ලෙසින්

අඳුර ඇවිදින් ගොඩ වදින කොට වරායට
නුඹ හිටිය දියබත් ව රාජාලි පියාපත
පතුල අඳුරක තිබෙන බව මනින මුවහත
ගිලිහ තිබුණා අතර මුහුදු රළු කුණාටුව

පෙර නොගිය පාරවල යන්ට වන විටදි පුත
කනමැදිරි වැස්ස මදි කපා යන්නට කළුව
හෙමින් වැටි වැටී හරි නඟින විට කඳු උර
නුබ එළිය අවැසිමැයි දකින්නට මුරගල

රුදා දෙන දරු දුකා මවක් ඈ විඳින මෙන්
'කුරෙන් 'කුර එකතු කර මහ ගතක් තනන මෙන්
තබා නොසැලෙන අවිය නළල හරි මැද කෙළින්
විදාපිය පියාපත යළිත් නොවැටෙන ලෙසින්

ගොයම් යායෙන් වැටෙන වියැට සේ මිසක නුඹ
ලතා ගෘහයක සැඟව මැලව යන මලක් නොව
වෙරෙන් නොව ප්‍රේමයෙන් දිනිය යුතු බව ලොව
මහා වැස්සක් ලෙදින් ලියනු ඇත ගිරි කුළ

pic. - wallpaperscraft.com

Monday, January 28, 2013

ඕඝ තරණය කරන නැව් බඳ

ඕඝ තරණය කරන නැව් බඳ
තනා දී ඉගිලුණ සුපෙම්වත
විරහවේ රුදු පලා පෙති ගෙන
කලා සොළසක් මවමි නුබ ගබ

මරණීය සුසුමක් ම තැවරෙන
ඔබේ ඇස මත පහන් එළියට
සංසාරෙ පොඩි අඩි පාරවල
අතරමං වුණි අදර මඳ නල

ආදරය ඇස මත තබා ගෙන
කූද්දන රිදුමකින් ඇහැරෙන
විටදි අමතක වුණු ගමන් මඟ
තාර පථ එළි කළා නුබ භග

නුඹ අතැර මා ආව දා සිට
නොපිපුණත් හිත හෙව්ව තඹුරුව
මඩ දියෙහි සඳ පහන වෙව්ලන
නිවා දැමුවා විසල් නියඟය

pic. - guardian.co.uk

දුටුවාට කමක් නැත ඉඳ හිට

සිසිරයක නිවාඩුව පතන ඔබ
පොරොත්තු විය යුතු ය හිම
දිදුලන කහ පැහැති කෙත් වතු සමඟ
රූරා හැලෙන රුක් අත්තන පුසුඹ නොව
ලුහුඬු පද්‍යයන්ගෙන් මතු ව හිනැහෙන
කොළ පැහැති දෑස් වෙනුවට
අළු පාට හරි අමුතු සිහිනයන්
දුටුවාට කමක් නැත ඉඳ හිට

pic. - cursemymetalbody.wordpress

I am an amoeba

I am an amoeba
in a poetry world
but I am a living poem
who chopped, cropped and dropped
from the earth and the vault
to the ocean and mines
to seek gems and sea shells
Oh, I am an amoeba


 pic. - iloveshelling.com 

Give me a bumpy iron chain...

 
Spring will be in a late
My lonely beloved concentrates
to find a route and insight
A deserted street, it’s not short
I call it my hidden trace,
need the fragrance in patience
At the sun set, it’s rising
All the time I need to cling
with my golden flower of May
and the eternal glorious ray

Send the velvet incubus
from the Bangalore dream's nest
Come with me, a moment’s saint 
and my little hemisphere
If you think, my heart is weird
give me a thousand words of fear
or a bumpy iron chain
to wind up my mind's rain

pic. - tomblock.me

මට මොටද නුබ හඹා එන සඳ මඬල පුර


අළු පාට වලාකුළු හමා ආදෙන් ඉහළ
ඉගිල යන කළු කොබෙයියන් ගයන ගී අතැර
විදා තටු ඉගිල එමි සකිසඳේ මම සකුණ
වෙළා ගන්නට කලින් රළු අඳුර තුරු පතර

නැතැක් වැහි වැහැපුදෙන් නතර නොම වී අතර
හඹා එමි නුඹ හදේ වැයෙන මුදු නද නුපුර
මල් පිපෙන මුදු හදේ ගුලි ගැසුණු පසු මිතුර
මට මොටද නුබ හඹා එන තරිඳු මඬල පුර

කවි අකුණු වැටුණදෙන් හදග ඉරි තැලුණදෙන්
හද පිටාරා යමින ප්‍රේමය ම ගැලුවදෙන්
පාළු මං නැඟි නැඟී සුසරදම් කරපුදෙන්
විදිලි එළියක් වෙලා මගේ හද පිපුණදෙන්

pic. - littleblackbookdelhi.com

Sunday, January 27, 2013

තලන්නෙද මල මනරම්


මා වසන් වසින මෝසම්
නඟන්නේ හද දිය ගුම්
හඬවමින මඳ ගොර බිරම්
තලන්නෙද මල මනරම්
 
වන මැදට ගෙන පුර සඳ
කවි ලියන මුදු සිඳඟන
නුඹ ය සිප ගනු බැරි වුණ
කවි පොතේ සකු දෙනයන

රැයෙහි ඇවිලෙන ගිනි මැල
මෙන්ද ඔබ අත තේ මල
තමලිනී මා හද දුල
කඳුළ වුව මේ හැටි මිල

තියා කඳු මුදුනත ඉර
බුබුළු දමමින් ඇවිලෙන
සැඟවෙමු ය අපි ගල් කුළ
වසන්තය කැටයම් වුණ

කුමට පසු කර උදමන්
රුදා දෙවනව බෝ නම්
මලින් බර වුණු තනිකම්
සිඳ දමමි මුදු තටු මම්

pic. - littleblackbookdelhi.com

Saturday, January 26, 2013

My life’s enlightenment_ _ _

 

'Shall I come to you
the melting snow dew'
Sun is asking thou
in a passionate clue

I, the moon at dawn
who crossed the wake dune
need to wear your crown
to endure or to drown
in love, not just a noun

Have you ever touched it
in a silent drift
Then how dare deeming that
it's just a cloudlet

My life’s enlightenment
The ocean and mid night
You are my North - South
as well East and West
Counties and korales*
All the five continents

pic. - fineartamerica.com


මා එපා කිව් පියතුමනි පෙර________________



කුඩා කල මා සිඟිති අත් හැර
ගිය පියා මට මුණ ගැසුණෙ නැත
සෙවූවද නෙක සොහොන් අතරේ
අඳුර තරමටවත් පෙනුණෙ නැත

ඒත් මගෙ හද පුරා විනිවිද
ආදරය මුදු සරින 'කුරු කර
වමතැඟිල්ලක මුදුව සමඟින
එහෙව් පිය සඳ මුණ ගැසුණි මට

හුදෙකලාවේ සරන නුබ ගැබ
වලාවක් ඈ සොයුරු අහිමි ව
ගෙවා දැමු මුළු දිවිය ලොප් කොට
ඉනික්බිති හමුවුණා ඔහු මට


ඉතින් සොඳුරු යි මගේ දිවිය ම
මා එපා කිව් පියතුමනි පෙර________________


pic. -
navnnet.blogspot.com -

තාත්තා

"වැඩ කරලා මුළු දවස ම
හරි වෙහෙසයි තාත්තාට
ආදරයෙන් හිස අත ගා
සනසනවා මං ළඟ ඉඳ"

- ජානකී සූරියආරච්චි

මගේ හිතේ මල් වවලා
ඔබට අකුරු කර මවලා
මං ඔබෙ හිත සනසනවා
ඔබේ ම හොඳ දුව වෙනවා

තාත්තලා නැති දුවලා
හඬන කඳුළු සිහිවෙනවා
ඒ කඳුළුත් පිස දමන්න
තාත්තගේ අත දෙනවා

pic. -
janiutkarsh.blogspot.com

Friday, January 25, 2013

In this sleepless night,



In this sleepless night,
I can see the crescent's broken wings
My little ebony blue eyes
will cloud with his cries
hearing the deep lament...
dreamed of an amber sky...
with starry red tail lights
will fade away his sight

but beyond the most of dunes
the hills as well dales
within his misty veils
I will embrace his sobbed face
smelling closed eyes
at the edge of my own heart

pic. - 8tracks.com

සිඳුට මඟ හැරී යයි____ _____



කියව ගනු බැරි හෙයින් සිහළ'කුරු පේළිය
සිඳුට මඟ හැරී යයි සිඳුගෙ සිඳු ලෝලිය


pic. -dawnsgricciaoilpaintings.

Wandering in the nights


Wandering in the nights
without a light
No fathers and brothers
flutters as well feathers
seeking star lights
In envious eyes
Wandering in the nights..

pic. -
patricksmckenna.com

සයුරු සුකිමිද යමි



අපරිමිත සයුරු ගණනක් මැද
කුඩා පිනි බිඳක් වෙමි මම
සරදමින් විපිළසර
සයුරු සුකිමිද යන

pic. - anirudh-shreenath.blogspot

මලක් වගේ සිනා නඟමු

"හිනා වෙවී අපි නැඟිටිමු
කිරි දත් ටික හොඳට මදිමු
තනියම මූණත් සෝදමු
පිරිසිදු ඇඳුමකුත් අඳිමු"
               - ජානකී සූරිය ආරච්චි - ටිකිරි ගී

ඉන් පසු අපි දේදුනු තටු
අරන් හිත දිගේ අලවමු
හිත සුන්දර සුවඳ ගෙනෙන
මලක් වගේ සිනා නඟමු

My sole blue eyes...,


Yellow flowers are whispering
on the banks of river
Rosiness in the sky
calling you in the dawn

knock little puddles..
wait for flowers
My salt tear
will heal your fear



pic. - michaelfreemanphoto.com

මහ පොළොව හා හාදවන්නට ඔබ කැමතිද?

 
සොඳුරිය,
මහ පොළොව හා හාදවන්නට ඔබ කැමතිද?
එන්න මා හා කෙත වියැට වපුරන්න
අස්වැන්නක සතුට මා ඔබට කියා දෙන්නම්..
බීජ පැළෑටි ලෙස පෙරළෙනු දැකීමට
අතැර එන්න ඉහළ පන්තිය
මා සමඟ මඩෙහි හිනැහෙන්න
මේ දුඹුරු පැහැ පොළොව
කොළ පැහැ වනු දැකුම
මගේ සිහිනය
එය ඔබගේත්ද?

Thursday, January 24, 2013

තියාගනින් තොපේ කවිය මට වහ පද වගේ



තියාගනින් තොපේ කවිය මට වහ පද වගේ
අර - සඳා ඇවිත් නෝක්කාඩු ජනේලයෙන් එබේ
අඩේ අහගනින් මොකටද කඩේ තියෙන වඩේ
කවි රහමෙර බොමුද සඳේ මත් වෙන්න ම වැඩේ

අපි රැවටෙයි ඕවට ගස්සාගෙන යන සඳ
ආවොත් නම් වෙළෙන්ට ගිර සුමිහිර කවි බඳ
යන්ට පාර අමතක වෙයි කිව්වට මොකටද
සංසාරේ වගේ තමයි බැලුව ම කවි පද

අර - සංසාරේ වගේ කියා කිව්ව නොවෙද දැන්
කවියන් දන්නේ මොනවද සසරක වං හුං
සතර පදේ ගැට ගහලා කිව්වට යන්තං
සතර අරිය සත දිනුවද තොප වැනි කවියන්

කිව්වට අර සඳේ උඹට ඉරිසියාව හිතිලා
බුදු හාමුදුරුවො කිව්වේ අම රස කවි කරලා
දිනුව වෙලේ සසර බැම්ම කීතු වලට කඩලා
සසර ම කැණිමඬලක් යැයි කීවේ කවි ගොතලා

බුදු හිමි දෙසු පමණින් අම පරම අරිය සත
තොප හිතුවද කවි කියලා දිනන්ට භව පොත
අර ඇරිලා අපාය ගෙන යනවද කවි විත
තොප යන විට නිවනට කවි කියවන අය නැත

pic. - cathycashspellman.com

දම් පාට කුරුල්ලෙක්


හදවත පෙළන වචන ගෙන
දම් පාට කුරුල්ලෙක් පැමිණෙයි
රිදී පැහැ වලාකුළු
කඳුකරය මත තබමි

pic. - pinterest.com

මා සොයා පැමිණෙන්න


මා තුළින් ඉපැදෙන්න
මා වසා පැතිරෙන්න
හැකිද පෙමකට යළිත්
මා සොයා පැමිණෙන්න

අහස් ගඟ ගසා යන වර්ණ පිරු නෙක කුසුම්
අතින් ගෙන කඳු දෙබැම බලා සිටියා දුරින්
ඔබේ කවුළුව වැසෙන මොහොත එන්නට කලින්
අහස් දුනු විසිරුවා අයාලේ ගිය සිතින්

pic. - Anna Shakin, Ukranian

නිල් මල් මෙන් ම බැබළෙන හිරු එළිය සේ


මිතුර මේ කවි
කොහේ සිට පැමිණෙන්නෙද මා වෙත
සඳ ඔත්තු කිව් තාරකා මඟක් ඔස්සෙද
කවුළු වීදුරු දෙබෑ කර එන කළු සෙවණැලි සමඟද

මා රාත්‍රියේ තනි ව ම
වාඩි වී සිටින විට කවුළුව අසල
වෘක්ෂයන් ප්‍රාවෘෂ මඟට නෙක
පාන ඉඟි බිඟි දකිමි රහසෙන

ස්නායුවක් දිගේ ඇදී එන
සියුම් වේදනාවකින්
දිග කවියක් වගේ දිගෑදෙමි මම 'විට
ඔබ පැමිණ සකර කොට
හයිකුවක් කරන්නට අසන විට
සිනාසෙමි අහසට
දිව්‍යත්වයෙන් ඔප නැඟෙමි
ගැඹුරු සහ අලංකාර ව
නිල් මල් මෙන් ම බැබළෙන
හිරු එළිය සේ

pic. - colourbox.com

Wednesday, January 23, 2013

කළු මුහුද මම

ඔබ හද පිබිදෙන
නිදි නැති පෙමක් දකිනු රිසියෙන්
ගෙවී යන රාත්‍රිය අග්ගිස්සේත්
පාට හේ බාව යන
සීතලෙන් මිදී ගිය
තුහින පිරි පාරක්
තෝරා ගතිමි මම

ඔබ අරුණු අහස වී වෙනතක පායද්දි
උණුසුම් කබායන් ඉවත ලා
අලු පෑය දරා සිටියෙමි

අවසන පැමිණි ඔබ
මල් ගැන වගක් නැතිව ම
මා බිඳෙන් බිඳ දිය කර
අලු පෑය කළු බවට ගෙන ගිය

එතැන් සිට සියල් පව් දරා ගෙන
කළු මුහුද මම

pic. - eternity-ghost-girl.deviantart.com -

ඒ ඇස් කතා කෙරුව එකිනෙකට

සැන්ට් පවුඩර් උලාගෙන
එනකොට සඳ බිසෝ
නොදැක්කා වගේ ධර්මෙ
විසි කළා බුලත් කෙළ පාර පාරට
දූවිල්ල උඩ මැවුණ රතු චිත්‍රයක්

හොටු නාවර පෙරා ගත් තරුවා
සඳේ සළුවක එල්ලීගෙන
ඉක්කනට එන්ට කියනව
ඇහුණ නෑහුණා වගේ
හුණු තලියෙන් අත ඉතිරි වුණ හරිය
පුස් බැඳුණු බිත්තියේ
හෙමිහිට ඉලුව ධර්මෙ

මුව පොව් ඇස්වලින් එබී

ගිහින් එන්නම් කියා කියන කොට අන්තිමට
කර්ණිකා අල්ලාගෙන උන්
ඉඳිකටු පෙට්ටි වැටුණා පහළට
වෙව්ලන දොතොල්වලින්
කියාගන්ට බැරි වුණත් ලොකු දේ
ඒ ඇස් කතා කෙරුව එකිනෙකට

pic. - calabartheatre.wordpress.com

සුළඟ හඬ දෙයි

සුළඟ හඬ දෙයි
තුරු තරුණයාට
බැහැ මල් වට්ටවන්නට
ඔබ කියන කියන විදිහට

දුව යමි සුළඟෙහි

මවයි ඔබ
මා කැමති චිත්‍රය
සියුම් පින්සලකින්
පාට වස්සමින්
දුව යමි
සුළඟෙහි
වැටෙන මල් අහුලමි

pic. - Tiffany Cosiales/weheartit.com

ඔබට ම


බත්කූරන් ඇවිත් අත්තටුහි

රහසින් ම රඳවා දේදුන්න  
පාට පාටින් මල් පාට කළ
විසිරි සුවඳ වසන්තය ඔබට

තැඹිලි පෑයෙන් පාට ඉදිරී
සුළං කෝඩෙන් කුඩා තුරු පත්
වැස්ස ඇවිදින් ඔබ වසා ගත්
ගිම්හානයේ සිහිනය ඔබට

නිවා හස පෑ නිසංසලයට
දරා මුදු පල පුලිඟු විලසට
විසල් රුක් මත නවාතැන් ගෙන
දුලා වුණු මුළු සරතය ඔබට

මිහි මඬල උතුරා ගලා යන
ඇළ දොළන් බිම් කතර සනහන
නලා තබ්ලා නදින් මුසපත්
මල්හාර රාගය ම දළුලන
සිත සීතල සිසිරයත් ඔබට

එපා යැයි මා අතැර ගිය ඔබ
අරන් ගියදෙන් සියල් සමය ම
කිසිදු කලකට අයත් නොමවන
හිස් දිනක් නම් එයත් ඔබට ම  

pic. - wallsonline