Wednesday, January 23, 2013

ඔබට ම


බත්කූරන් ඇවිත් අත්තටුහි

රහසින් ම රඳවා දේදුන්න  
පාට පාටින් මල් පාට කළ
විසිරි සුවඳ වසන්තය ඔබට

තැඹිලි පෑයෙන් පාට ඉදිරී
සුළං කෝඩෙන් කුඩා තුරු පත්
වැස්ස ඇවිදින් ඔබ වසා ගත්
ගිම්හානයේ සිහිනය ඔබට

නිවා හස පෑ නිසංසලයට
දරා මුදු පල පුලිඟු විලසට
විසල් රුක් මත නවාතැන් ගෙන
දුලා වුණු මුළු සරතය ඔබට

මිහි මඬල උතුරා ගලා යන
ඇළ දොළන් බිම් කතර සනහන
නලා තබ්ලා නදින් මුසපත්
මල්හාර රාගය ම දළුලන
සිත සීතල සිසිරයත් ඔබට

එපා යැයි මා අතැර ගිය ඔබ
අරන් ගියදෙන් සියල් සමය ම
කිසිදු කලකට අයත් නොමවන
හිස් දිනක් නම් එයත් ඔබට ම  

pic. - wallsonline

No comments:

Post a Comment