Wednesday, January 23, 2013

ඒ ඇස් කතා කෙරුව එකිනෙකට

සැන්ට් පවුඩර් උලාගෙන
එනකොට සඳ බිසෝ
නොදැක්කා වගේ ධර්මෙ
විසි කළා බුලත් කෙළ පාර පාරට
දූවිල්ල උඩ මැවුණ රතු චිත්‍රයක්

හොටු නාවර පෙරා ගත් තරුවා
සඳේ සළුවක එල්ලීගෙන
ඉක්කනට එන්ට කියනව
ඇහුණ නෑහුණා වගේ
හුණු තලියෙන් අත ඉතිරි වුණ හරිය
පුස් බැඳුණු බිත්තියේ
හෙමිහිට ඉලුව ධර්මෙ

මුව පොව් ඇස්වලින් එබී

ගිහින් එන්නම් කියා කියන කොට අන්තිමට
කර්ණිකා අල්ලාගෙන උන්
ඉඳිකටු පෙට්ටි වැටුණා පහළට
වෙව්ලන දොතොල්වලින්
කියාගන්ට බැරි වුණත් ලොකු දේ
ඒ ඇස් කතා කෙරුව එකිනෙකට

pic. - calabartheatre.wordpress.com

No comments:

Post a Comment