
මම තෙළිඟු ගීයක් අසමින්
ලංකාවේ බසයක ගමන් කරමි
ඇලස්කාවේ හිම මෙන්
නැවුම් වෙයි මගේ සිතිවිලි
චීන මහ පවුර අස
තවලමෙන් පියා විත්
එවන් විට පියෝනි
ඇසි පියන්වල බැඳෙයි
ඊජිප්තුවෙන් පැමිණි
සොරුහු හා බල්ලෝ
මගේ හද ලුහු බැඳ
නිද්රාවන් බිඳිත්
සියැටල් පැමිණි සැණ
වන ගත වු දොළ පහර
මුණුමුණුව මේඝ දූතය
මෙන් ම මට ඇසෙයි
සකුරා සුවඳ මෙන්
කොකොරො ඇවිදින්
පිරිමදින හිත මගෙන් විමසයි
ඉතින් කුමටද මට රටක්
ප්රීතිය ය මගෙ රට
සාමය ය මගේ රට
ආලය ය මගේ රට__________________________
pic. - http://mostbeautifulflower.com
මොකද්ද මේ රට .. නවසීලන්තෙද
ReplyDeleteමුළු ලෝකයම
ReplyDelete