Friday, January 11, 2013

මා කියවන ළබඳ,



ඔබට ගයන්නට හැකි නම්
මේ විසල් ගීතය
එසේ නම් මට ලිවිය හැකි යි
කලත කලතා හද

ඉන් නුඹේ හද මවයි නම් සොඳුරු ස්වරයන්
මේ කවි අපතේ යනු නැත

මගේ පැතුම ළතෙත් හදින් පිරි දේශයකි
මම එය බොහෝ කලකට පෙර මගෙන් ම ඇරඹුවෙමි
බස අත හැර ඉතින් සොයා ගනු ඒ ළබැඳි හද
හදින් හද තනමු අපි
මහත් අහසක එළි පුඤ්ජ...

No comments:

Post a Comment