Thursday, January 10, 2013

මරතෝන්ඩියේ ඉරිසියාව

මරතෝන්ඩි ඇඳගෙන සිරි සිරියෙ හිනාවෙන
බකමූණු හඬින් හූ මිටි ගෙන තෝන්තුවා වෙන
අනන්ත වූ කිචිබිචියන් තුඩින් අරන් එන
කොණ්ඩයෙ දෑසමන් පිපෙන ආලම් කිරිලිය

උදෑසන ම හිරිකඩ හිත හීල අරන් එන
අතිමනෝහරන් ස්වප්න පතා හැල්මේ දිව යන
මුහුණ පුරා තිලක තියා කෝවිල් යනවද
මරතෝන්ඩියේ ඉරිසියාව කොහොම කියනවද


Pic. - http://www.fashion.arts.ac.uk/50013.htm

No comments:

Post a Comment