Sunday, January 20, 2013

හැකි නම් මට සමා වුව මැන



උද්‍යානයේ කොනක
පහත් කර ගත් හිසින් යුතු ව
ගිම්හාන එළිය යට
මුහුණ සඟවා හඬන තුර,

හැකි නම් මට සමා වුව මැන
හිතුමතේ ආලය කළාට නුඹට
නුඹ නිලම්බර දෑසේ
සියක් කවි ලීවාට
රෝස මල් පෙත්තක් මෙන්
නුඹේ සිත පිරි මැද්දාට
මා හිතන්නේ මා සමාව ඉල්ලිය යුතුයි ඔබෙන්
හිතුමතේ ඔබට ආලය කළාට

ඒත් මා හිතන්නේ මා ස්තූතිවන්ත විය යුතුයි ඔබට
ඉරිතැලෙන හදවතට මහ වැස්සක් වුණාට
හැම උදේ හවස ම මට ආලය කළාට
අමිහිරි වැඩ වරු වල
මඳ සිනාවක් වී මගේ මුව රැඳුණාට
නොදන්නා ස්වරවලින් ළගන්නා සුලු තනු මැව්වාට

නිල් කැට දියක් වී මගේ පිළිරුව ඇන්ඳාට
කවුළු දෙකකින් එක ම සඳ දකින හැටි
කියුඹුවක් අදිමින් කියා දුන්නාට
ආදරය දෙවියන් ලෙසින් එක ම අහසක දුටුවා


pic. -
Viaggio nel Mondo

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.