Tuesday, January 1, 2013

වහා දිව යමි මම

සැකයෙන් බලමි හැම පිරිමි ඇස් දෙස
අඳුරු නගරය විනිවිද
දාමිණී මට නුඹ ව අමතක ව නැත

ඇස් අගිස්සෙන් පෙරෙන ගිනි දැක
කියඹු රොද මෙන් නැළවිය හැකිද
හති හලා දුවන වරා කුසුමක් මෙන්
පාවී යමි කළුවර හැලෙන ඇස් වලින්
මඟ වැරදුණොත් කාක පාද ඇඳ
සකර කළ නොහැක කිසිවදු
විසි කරන්නට වෙයි සියලු අකුරු
වියරු වූ ගණ රළු මුහුද වෙත
අනෝරා වැහි වැටෙද්දී රිවි පෑ පතා පල නැත
පත්ල සිට සිරසට ඉඳින් මල් පිපෙන්නෙත් නැත

සිදුරු වුණු හද සමඟ ගල් ගැසුණු මතකය ගෙන
වහා දිව යමි මම

Pic. -123rf.com

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.