Sunday, January 20, 2013

මහත්මිය

මහත්මිය,
නාගරික වහන්වලින්
පාගන්නෙහිද මා ළය
මා කැමති ළඳු කැලෑ මිටියාවත් පුරා
ඔබ එදා දුව පැන නැටූ
වහන් හළ පා පොඩි
මට හැකි තරම් සිනිඳුවට
එදා මෙන් අදත් පිරිමදින්නයි

අඳුරු කළ ලොකු ඇස් වලින්
බලන්නෙහිද මා දිහා
හඳුනාගැන්මට බැරි ම වුණු
වෙණ තතක් මෙන්
බිඳ හෙළන්නෙද මා
නුහුරුද නුඹට
රෑහි රැව මවන ස්වර
නොඇසෙන්නෙද නුඹට
දොළ පාර නඟන මධුර දවුල් හඬ
කොහේ නම් යනවාද මේ
මඟ හසර නොදත් සේ

මහත්මිය

නුඹෙ පරණ මල් ගවුම්
අපමණක් සිනාවෙන හරන් මත
අහිංසක ඇස් සිප නොගන්නෙද
සොඳුරු කඳු බඳ
තෙහෙට්ටුද බොහොම
කෙතෙක් නම් රාජකාරිද මුහුණ මත
පිස දමන්න කැමතිද
ඔය අලුත් මුහුණ
ඔබ නමින් තව ම ගලන
මේ සිහිල් දිය මලින්

මහත්මිය

pic. - @ Bibile

2 comments:

  1. දස්කමක අගය එය බෙදා හරින තරමටය.... ඔබ දස්කමින් පිරිපුන්ය... එහෙත් එය දකින්නේ ඔබ පමණක් නේද?

    මෙය පාඨකයා අතරට ගෙන නොයාම ඔබේ පුද්ගලික කැමැත්ත විය හැක... එහෙත් එසේ වී නම් මෙහි අගය සිය දහස් ගුණයකින් වැඩිවන බව සහතිකය...

    ReplyDelete
  2. කවි පෙළ වෙනදා මෙන්ම අපූරුය... සුභ දිනක්...

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.