Sunday, January 6, 2013

සිසිරයේ ඇමතුමට


නැවතත් ඇවිත් කඳුළු රැළි අඳුරු අහසට
හඬන විට ලොව සියලු දිය කඳ එක ම පෙළකට
කඳුළු මිස කතා කෙලෙස සකිසඳ මට
පැමිණි විලසින් ම නික්ම යමි මම

ආලෝක වළල්ලක් වගේ ගණ අඳුරු රැයකදි
ආදරෙන් මා වෙළා ගත්ත මධු සකිසඳේ
බමර වැස්සකදි නුඹ හැඩැති සමනොල බඳේ
වෙලී ඉන්නයි පැතුවෙ වෙනත් කිසිවක් නොවේ


මගේ ඇස අමතක ව දැක නුඹැස හැඩ රුවා
සිසිරයේ ඇමතුමට පාද සක්මන් කළා
දැන් ඉතින් කියවම්ද කොයි කවර කවි බසා
හඬන ඇස බොඳ කරයි ලියන හැම 'කුරු රැසා

Pic. - narciejeter.wordpress.com



1 comment:

Note: Only a member of this blog may post a comment.