Wednesday, January 9, 2013

මේ බොහොම සාමාන්‍ය දවස්

මේ බොහොම සාමාන්‍ය දවස්
අව් වැසි සුළං කිසිත් නැති
මල් මෙන් ම ළපලු ද නැති
දවල් වරුව ම ගෙත්තම් මවන
ඉක්බිති සෙමින් සීරුවේ කඩ මණ්ඩියට ඇදෙන

හවසට ගව රැළ හා වෙලට බසින
වක්කඩ තුවක්කු මානා
කුරුල්ලන් පලවා හරින
දෙපතුල් යටින් නිල් කැට
පියාඹා යන සැටි දැනෙන

වතු වටා බැඳි වැට
ලිහුණු තැන් මැන බලන
සොයා 'විත් අලුත් ඉනි
ඉරුණු තැන් මහන
බලෙන් අහලට පැන දුවන් යන
ලේන් පැටියන් බලන
මේ බොහොම සාමාන්‍ය දවස්
මිහිදුම් කඳු බඳුන්හි
ඔබ නිහඬ ව ම නිදන


Picture - Rarindra Prakarsa

No comments:

Post a Comment