Thursday, January 3, 2013

ඔබ මගේ රාමායනය

ඔබ රාමායනය කියවා ඇත
ඔබ සෘතු සංහාරය කියවා ඇත
ඔබ මේඝ දූතය කියවා ඇත
මම නැත
ඔබ මගේ රාමායනය
සෘතු සංහාරය
මේඝ දූතය ය
අසෝක මලක හාදුව ය
කඳු සිසාරා ඇවිද යන සඳ පහන ය
නිල ඇස් සහිත මහ මුහුද ය
ඉඳින් මා කුමට කිමිදෙම්ද එහි පත්ල
ඔබ මා මුළු ආත්මය ම මලින් පූදන කල

Pic. - http://deeptihalder.wordpress.com/2009/06/02/meghdutam-cloud-messenger

No comments:

Post a Comment