Sunday, January 20, 2013
අනේ හරි හිස්
අනේ හරි හිස්
අනේ හරි හිස්
බේර ගන්නට බැරිද මා මේ හිස්බවින්
එක්කො මා හිස් බවේ අංශුවක් නොකර
හිස්බව කරන්න පුළුවනිද...
වියළියි සුළඟ
වියළියි මුළු මහත් බිම
කර්කශයි මගේ හදවත
කාෂ්ඨකයි නැඟෙන සිතිවිලි
දිය සිඳී ඉතිරි වුණු
කුඩා මඩ කඩිත්තකට
එබී බැලු විට
මෙන්න මගෙ හදවත
අපොයි කැත!!
ගහකොළක් ගැන හිතන්නවත් පුළුවන්ද
දූවිලි පටක නාස්පුඩු විනිවිදින කොට
මා කුඩා හදවත ගෙන ගොස්
වළලන්න පුළුවනිද වනගැබක
කෑ ගසා අඳෝනා තියෙන
මහ පාර අයිනක නතර වී
වමාරන්නද මං උගත්කම
හිස්බව වෙන්ට පුළුවන්ද එවිට
ආ.. අන්න මිරිඟුව
අව්වේ උඩ පැන පැන නටන
වයසක හදවත ගෙන
ගල් ගැසී හිඳිමි මම
ප්‍රේමය.. මායාව.. වියෝව...
දූවිලි සුළං කාන්තාරාව්ව
ලැව් ගිනි නඟන කුණු කසල
මට පුළුවන්ද සුවඳ අතහැරි
හීනයක් නොවුණත්
හීනයක් වගේ දෙයක්වත් දකින්න
තුරුලු කර ගන්ට නම්
හිතන්ටවත් එපා ඔබ
කඨෝර බවට පුළුවන්ද
තව තවත් රස්න ඉවසන්න
කළු පාට බලි අරින දුම් අතර
බැරිද අහසට විසිවෙන්න
අනේ හරි හිස්
අනේ හරි හිස්
pic. - adotblog.blogspot.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment