
බැනුම් දහසක් අසා
ඇස් බලා හිනාවෙන
කඳුළු සියයක් පිස
සිනාවන් පළඳවන
සසර පෙර භව පුරා
අතින් ගෙන ඇවිද ආ
සොහොයුරකු සිටී මට
හදෙහි කැටයම් වුණ
ඉවූ පිහු සියලු දෑ
කණ පුරා වපුරන
මල් සාත්තුව සමඟ
කුරුල්ලන් එළවන
තිත්ත චොකලට් එක්ක
මහා වදයක් වෙන
වී වපුරනය ගෙන
කෙතෙහි කවි වපුරන
සොහොයුරකු සිටී මට
එකට හද මුමුණන
සෘෂිවරයෙක් වගේ
විටෙක මුණු මුමුණන
සියල්ල ම එපා වී
සැණින වනගත වන
මුහුදු දිය මතට පැන
හදෙහි රළ කලතන
මලක්මැයි සුකවි කොඳ
පෑන් තුඩ අමුණන
සොහොයුරෙකු සිටී මට
සුසුම් රැල් වාගේ ම
හාදුවක තැවරෙන
pic. - mi9.com/wallpaper/brother-and-sister-wallpaper
No comments:
Post a Comment