
මිතුර මේ කවි
කොහේ සිට පැමිණෙන්නෙද මා වෙත
සඳ ඔත්තු කිව් තාරකා මඟක් ඔස්සෙද
කවුළු වීදුරු දෙබෑ කර එන කළු සෙවණැලි සමඟද
මා රාත්‍රියේ තනි ව ම
වාඩි වී සිටින විට කවුළුව අසල
වෘක්ෂයන් ප්‍රාවෘෂ මඟට නෙක
පාන ඉඟි බිඟි දකිමි රහසෙන
ස්නායුවක් දිගේ ඇදී එන
සියුම් වේදනාවකින්
දිග කවියක් වගේ දිගෑදෙමි මම 'විට
ඔබ පැමිණ සකර කොට
හයිකුවක් කරන්නට අසන විට
සිනාසෙමි අහසට
දිව්‍යත්වයෙන් ඔප නැඟෙමි
ගැඹුරු සහ අලංකාර ව
නිල් මල් මෙන් ම බැබළෙන
හිරු එළිය සේ
pic. - colourbox.com
No comments:
Post a Comment