Thursday, February 28, 2013

Then What my sorrowful heart wishes…??


Snow won't bloom in winter again
to unripe a forbidden dream
seeing, what’s the last stop
of every stream
in the losing ways to sea


Are not you hearing the voice of Dead Sea?
Dead Sea's still moaning
Waiting the drops of love
Will silenced waves bring an answer roaring
of thousand words of unsaid things
thousand colours of unseen things
before withering concealed warmth
Then What my sorrowful heart wishes…
as a mellow love?

pic. - vi.sualize.us

Thursday, February 21, 2013

ස්වර්ගය නොවෙද මෙය!!

බසයේ කවුළුව අද්දර
හිඳ යන විට මට සිතේ
කොහේද මා යන්නේ
එකිනෙකට නොගැලපෙන මෝස්තර
එල්ලී අත වනන වීදුරු සාප්පු අතර
කඩිමුඩි ව ඇවිද යන
නොසන්සුන් මහත් දන
දුහුවිල්ල විහිද යයි
නිරතුරු ව මං දෙපස

දුරට ගියහොත් නොබැස
දකින්නට හැකි වෙයි
ගඟ දියට වට හිරු එළිය
රන් කෙඳි විලස බැබළෙන
එහෙත් පෑදි දිය අරන්
ගඟ නොනැවති ම ගලන වග

ඉනික්බිති හමු වෙයි
තුරු ගොමු අසිරි මඳහස
ඇවිද යන හිනාවෙන
තේ ළඳළු හරිතමය
නිල් අහස කඳු උරෙන්
ඉස්සී බලයි ම'දෙස
එවිට මට සිතෙයි මිත
ස්වර්ගය නොවෙද මෙය!!


pic. -bokage's photostream
A moment in time. A girl looking out of a bus window in a highland village on the border between Kerala and Tamil Nadu.



ණය හිමිය මම

ප්‍රේමයෙහි කොටසක් ව
ප්‍රේමයට බූදල් වුණෙමි
පලා යන අරුණළු කිරණ දැක
ණය හිමිය, මම
ප්‍රේමයෙ ම බුන්වත් වුණෙමි
ඉඳින් හිමි කර ගත හැකිද නුඹ හට
මියැදුණු කැකුළු පෙම

අප්‍රඛ්‍යාත ප්‍රේම කාව්‍ය
අසංඛෙය්‍ය හැඟුමින් යුතු ව
නැඟී ආ ක්ෂණ රැහැන
ළය වැළපෙනා සුසුම
උණුසුම් ය ඒ සුසුම
ඇහැරෙන කඳුළු යට
පැමිණ සයුරක පත්ල
ඇසි පිය පියාඹන ළය
අසුරු සැණකින් විසන්ධි ව යයි
පෙමක ගිලිහුණු පෙම් කව

පුළුල් තටු ඇති ව
ඇවිදින
මහත් ප්‍රේමය පසු කර
අහා! අර අහසෙහි ඉම
නැඟෙයි දිව වෛචිත්‍රය

pic. - fineartamerica.com

Wednesday, February 20, 2013

නුඹ නාවා නම් අත්වැල වන්නට



කදෝකිමි එළි තබා තුරු පතර
මල් මඤ්ජරිය අතුළ මඟ අතර
නිරිඳ නුඹ ඇස හදේ පණ අකුර
කලඹවා නැඟෙන ගන නිල සයුර..

සියුම් දළ රළෙහි කිමිදී
නුඹේ නිල් දෑස හමු වී
පිපුණු සයුරෙන් මතු ව නැඟි
සයුරු ගොස රිත්මයයි මේ

වියා විසිතුරු වියමනක් මම
පෙරා ගමි මුදු සොඳුරු මඳ නල
තියා 'රුංගල් සුළඟ යන මඟ
අසා ඉමි ඉන් නැඟෙන මිණි හඬ

නුඹ නාවා නම් අත්වැල වන්නට
වියැකී යමි හිරු ගෙනෙන පබාවේ
මා තනි වී රුදු අඳුරු ප්‍රපාතේ
තුහින සමඟ දිය වෙමි ය ප්‍රභාතේ...

pic. - bobtowery.typepad.com

වළඳන්න මිතුර මේ දන් පිඬ!!


මා මුළුතැන්ගෙයිහි උයන විට
කුඩා මඳ නල පැමිණ
පැටලෙන්නේ මා වට
කවුළුවෙන් එපිට කණ්ඩියෙන් බැස
අත වනයි දම් මල් මිට
සිනාවෙමි මම 'විට
සියලු හස කැලතෙයි පුසුඹට
වළඳන්න මිතුර මේ දන් පිඬ!!


pic. - simplebites.net

Monday, February 18, 2013

වාලුකා කතරකද අප - ඇවිද ගියේ සොඳුරිය

වාලුකා කතරකද අප - ඇවිද ගියේ සොඳුරිය
සෙමින් සෙමින් පියෙන් පිය
සැතපුම් ලකුණු පසුකර
නවතිමින මඟ තැන තැන
මතකද සුවඳ කොඳ සිනාසුණු අරුමය

නිල් අහස පමණක් ඉතිරි වුණු
කලුත් ආවා නොවෙද කලින් කලටම
මිහි මතින් මිරිඟුව නැඟුණු සඳ
දෑත බැඳ ඉවසුවා පුර සඳ

මල් වැරූ තුර කූඩු බැඳි කල
විටින් විට පැමිණ ලියලුණා මල් පල
කූඩුවෙන් ඈතට ඉගිල්ලුණ
කවිය හිඳ මිරිකුවා හද වෙණ

වාලුකා කතරකද එහෙව් අප ඇවිද ගියේ සොඳුරිය..

pic - tempepoetry.blogspot.com

පහන් තරුවක් මතු ව එන්නේ


හුදකලාවෙන් අන්ධකාරෙන් සිහිල් සුළඟක් මතු ව එන්නේ
නබෝ ගැබ සුරතින් දෙබෑ කර පහන් තරුවක් අත වනන්නේ
අන්න එතැන යි ප්‍රේමයේ සොඳ නොනිමි කවියක් දිදුල දෙන්නේ
සිඳී ගිය ගං පත්ල වුව කිම පහන් තරුවට සසල වන්නේ-

කිමැයි සොඳුරිය සුපින ප්‍රේමය - අතීතය දොරගුලු හරින්නේ
පහන් තරුවක් මතු ව එන්නේ

වියැක ගිය අඩ සඳක කඳුළු ද
තරු දෙනෙත පත්ලේ ඇඳෙන්නේ
වියපත් ව ගිය අහස කුස අස
කිමද ප්‍රේමය සුවඳ දෙන්නේ
පහන් තරුවක් සලිත වන්නේ
අන්න එතැනයි සොඳුර සැළමුතු
හද බස ද මුදු හාදු දෙන්නේ

pic. - stuffpoint.com

Friday, February 15, 2013

ස්වර්ග සැප සොයා යන බැතිමතුනි..


ගෙවී ගිය දෙපය ඔසවා වැරෙන්
ලොතැරැයි උරගා බලනට යමි
දිරා ගොස් ඇත යනෙන හැම විට
ඇඳ ගිය සුදු ඔසරි දාරය ද දැන්
වසත් කල ගස්වල
පත් දිග ඇරෙන සද්දය
අසනු බැරි ලෙස ඇතැම් විට
වැසී යයි සියලු කවුළු ද
අන්ධකාරය ද ගලා එයි
හද ඉසියුම් තැන් පුපුරුවා
එහෙත් නිසොල්මන් ව ම
තව තවත් සැතපුම් කණු පසු කරමි

ආඩම්බරකාර වෘක්ෂයෙහි
මහත් අග පල පුෂ්පයෙහි
අනුහස් සහිත අස්නක්
එපා යයි දැඩි ව පවසමි
හඬ ගාන හිත ම අරගෙන
තව තවත් දුර යමි
පියාණෙනි ඔබගේ රාජ්‍යයට
නොවුවමනාදැයි මා
තවත් නොඅසමි

පන්දම් පදක්කම් ලබන්නට
සිත නොදෙන නිසාවෙන්
සාක්කුවල කඳුළු පිරුණ ද
ඇස් දෙකින් සිනාසෙමි

නොවිකුණන්නෙමි මම
මාගේ ධර්ම රාජ්‍ය‍ය
මා වෙනුවට ස්වර්ග සැප
සොයා යන බැතිමතුනි..
එහෙත් මම සිඹිමි
නුඹ නොහඳුනන මල් සුවඳ
කෙසේ නම් සිඹින්නද
නුඹ එය?


pic. -
wallpapers.brothersoft.com

Wednesday, February 13, 2013

කුමක් ගැන ඔබ ගයනවා ඇතිද?


ගසල් ගීයක් වගේ ඔබ මගේ හද තුළ වැයෙන
හද තනු සුසර කරවන
සුළඟට සෙමින් සෙලවෙන ගෙජ්ජි නදක් මෙන්
ම හද නැළවෙන
කවුරුන්ද ඔබ මේ තරම් මිහිරි ව ගයන
කුමක් ගැන ඔබ ගයනවා ඇතිද
මට නොපෙනෙන දුරක සිට
මන්ද ශෝකී ස්වරයෙන්
නුබ තුරින් ගිලිහ යන
වසත් කල කුසුම් ගැන වන්නට බැරිද?


සතුට ගිලිහේද නැති සඳ සුතඹු පෙම


සඳුන් ගස පිපේවිද අක්බඹුරු මල
සයුර පිස ඇදේවිද මල් බඹර කැල
සරළ රළ අතර හිනැහෙද තඹුරු පෙළ

සතුට ගිලිහේද හළ තුර සුතඹු පල


pic. - "Moonlit Sea" by Karla Nolan,dailypainters.com


හද වසන දරු කවුරු

සයුර පිස එන බඹරු
අතරමැද බිම් තඹුරු
සැණකෙළිය නොදැකි 'යුරු
හද වසන දරු කවුරු

කුණාටුව බදාගත් කනාටු නෙරළු තුර
විදා අත් අහසටා විසි කරන දුක් 'කුර
දරා ගෙන කඳුළු තෙත් කළා මුහුදක උර
ප්‍රේමයත් කොහි මිතුර හැම සඳ ම විසිතුර

pic. - by me, @ Wadduwa

නෑනෝ ..


දුක 'ඳුර මෑත් කොට නෙක නෙක වයිතාලේ
බික බික උනා ඔකඳ ව සක රූ මාලේ
එක එක ලතා ගෙතුවත් රස පද  දෑලේ
බක බක කතා මැකුවද නෑනෝ  බාලේ


pic. - paulgatto.com, by Mrs. E.Georgiadou 


So my love



My heart is stolen
So my love
I have no heart to catch the moon
Risen in the sky’s gloom
Into the spill of drought
Of a broken fragrance within a promise you brought
Asking that what’s the use of stolen hues from the sun
When you take mud into my greenery landscape’s eve
So my love
Am I hoping blue sapphire water in a desert
Even not seeing the mirage

pic. - pinterest.com

ධනුෂ්කා නිෂාදි කුලරත්න කිවිඳිය ♥



නොදන්නා හැටි ය නුඹ ඈ කවි තාලේ
ඈ ජන කවියක් හැමදාමත් රාළේ
ළගන්නා ඉසව් සොය සොය යන කාලේ
වනන්නා නොවේ වැනෙනව කවි ආලේ


Monday, February 4, 2013

goodbye..



වචන හිර වුණු බව දැනෙයි
සමු අරන් යමි නොබෝ කලකට
කඳු ද සහ ගණ වලාකුළු අතරින්_________________________________

Saturday, February 2, 2013

ගල් කුළක්


මුහුද අද්දර ගල් කුළක්
විසි කර හඬයි
කුඩයක්

pic. - 123rf.com

සිසිර මතකය


සිසිර මතකය
ගල් ගැසී බලා හිඳියි
හිරු දුටු පමණින්
දියවෙන්න

I believed you
It's my fault
but you compelled me
my divine beloved

for nothing.. but love, falling as a silver rain in a sarath kalayam.. blowing as a deluge and kissing the desolate tract of tree, never blossomed... and for the spring breath.. suddenly felt...
pic. - eddiessolitude.blogspot.com

Friday, February 1, 2013

බීර උගුරක්

  • පමා වී පැමිණුණු උදෑසන
    සූදානම් කර තබන්න
    බීර උගුරක්
    මා වෙනුවෙන්
     
     
    pic.- footage.shutterstock.com
     

ප්‍රේමයට ප්‍රේමයෙහි නම තබමි


බඳුනකට සඳ වැටෙන තුරු හිඳිමි
ප්‍රේමයට නෙක වර්ණ නම් තබමි
මොහොතකට මුහුදු පහරා හඬමි
අහසකට මුහුද වී ළඟ හිඳිමි

සඳට පෙම් බැඳ සඳෙහි හැඩ සොයමි
වදන් කවි තල තලා අත හරිමි
එක්තරා ආලයක ත්‍රස්තවාදී හිතකි
කවි හේන් අවුලුවා අස් පතමි
ප්‍රේමයට ප්‍රේමයෙහි නම තබමි

lifeasafemmefatale.tumblr.com

නපුරු සිහිනෙන් මා මුදාගෙන සාරනාථෙට ගෙනියන්න

මලානික වුව මුලා වූ රැය තරු සපිරි නුබ අරුමැසි
හිතක් නැති පෙම්වතිය ඇස ළඟ විසුරනුද හිත අරුමැති
කවි පමණි ගසකට හිමි හිමිද මුදු මුදු හස රැළි කිනිති
නැළවෙනව මිස හමන සුළඟට තුරුලියට නටනු ද බැරි..

ප්‍රියය එනු මැන සේලයෙන් ඇද මාල දහසක් පළඳන්න
නපුරු සිහිනෙන් මා මුදාගෙන සාරනාථෙට ගෙනියන්න
අකුරු අකුරෙන් ඇස් මුලා කර අලුත් කවියක් ලියවන්න
බොර දියෙහි වුව සුදු නෙළුම් දැක දිය ම කලඹා හිනැහෙන්න

pic. - cakedvintage.com

වල් මල් !

සඳක මුදු
උර නැඟෙයි
වල් මල් !
pic. - www.deviantart.com
 

එනමුත්

ග්‍රීෂ්මර්තුවේ සුළඟ උණුසුම්
කන්කලුයි කොබෙයි කූජන
වසන්ත මෝස්තර ගිලිහි හදවත
බර යි එනමුත්..

pic. - favim.com

දෙවියන්

දෙවියන්
විශ්වාස නොකරන්නැයි
ඔබ කියයි
ඔබ මගේ දෙවියා ය
මම කියමි

pic. - thinkspacegallery.com

එවනු මැන දැන්

කඳු බඳට පිටු පා යමි
දේදුන්න දකිමි
එවනු මැන දැන්
ඔබ බිරියගේ කගපත


pic. - blogs.howstuffworks.com

දැන් මල් පිපෙයි

දෙවියන්ගේ වචන
කවුළුවට දමා ගසමින්
ඩැහැගත්තෙහි ඔහු මගේ හදවත

දැන් මල් පිපෙයි
ගල් කුළු දෙබෑ කර

අළු පාට බිම්වල

pic. - gtcbridalgallery.com.my 

ගං ඉවුරු

හඬා වැටේ ගං ඉවුරු
ගසා යන මල් පෙති
වැළඳ ගනු නොහැකි ව


pic. - tumblr.com

අන්න!

තණ පත්හි පතිත
තුහින තිත්
අන්න!
පෙරදිග ප්‍රභාතය


pic - 123rf.com

බලා හිඳී

කැඩුණු ඔරු බඳ
බලා හිඳී
ගලා යන දිය දෙස


pic. - cavinguk.co.uk

සරත් සමයේ

සරත් සමයේ රිදී වැස්සක්
තට්ටු කරයි
සිඳී යන විල් උරට



pic. - tropical-rainforest-animals.com 

මුරලී වයන් මට ඇසෙන සේ

 
මුරලී වයන් මට ඇසෙන සේ
ඈත ඈත හිමව් අරණට
හිමියනේ
අසම්මත කැකුළියද මා
ප්රේමයේ

සඳ මලින වන යාමයේ
තුරු සෙවනැල්ල යට වහන් වී
නේරංජනා ගංතෙරෙන්
එතෙර වන්නද මා

ළයෙහි උණුසුම සොය සොයා
කළුවරට තුරුලුව නිදි වරා
අවසන් සුසුම් කඳළත්
පිදුම් දෙන්නද
මා 

pic. - tomjay.com

අතරමඟ

 

විහඟ පෙළ අඩ'ඟ රඟ නිබඳ තුරු මඬුල්ලේ
සමඟ සුල සොඳුරු රඟ රඟව රුක් වදුල්ලේ
සපද ගී මියුරු සර අසව ඒ ඇසිල්ලේ
එ සඳ නුඹ ඇස ගැටේ සොඳුරු මඟ බදුල්ලේ

රස අඳුන නිලැයි කඳු නිම්න දිග විචිත්‍ර
සපදයන් ගයයි මුදු සරින ස්තෝත්‍ර
රොන් සුණු සුළං සර මෙන් නිබඳ පාත්‍ර
බදුලු මඟ විගසකින් යව මා සුමිත්‍ර

වලාකුළු අතර සැතපෙමි!!

සැඟව සිටි තරුවක්
යළිත් පායයි එළිය දීගෙන
මුහුණු පොත විසි කරමි
වලාකුළු අතර සැතපෙමි!!

pic. - blog.kanelstrand.com