බඳුනකට සඳ වැටෙන තුරු හිඳිමි
ප්‍රේමයට නෙක වර්ණ නම් තබමි
මොහොතකට මුහුදු පහරා හඬමි
අහසකට මුහුද වී ළඟ හිඳිමි
සඳට පෙම් බැඳ සඳෙහි හැඩ සොයමි
වදන් කවි තල තලා අත හරිමි
එක්තරා ආලයක ත්‍රස්තවාදී හිතකි
කවි හේන් අවුලුවා අස් පතමි
ප්‍රේමයට ප්‍රේමයෙහි නම තබමි
lifeasafemmefatale.tumblr.com
No comments:
Post a Comment