Sunday, January 20, 2013

ඔබේ කවි දුනු හී වැදී හද



පත් පුබුදුවන ගසක් ඉඳහිට
අසල ලොග්ගල් ඔයෙහි දිය මත
පිපෙන නෙළුමක් තියා හෙමිහිට
නිහඬ කවියක් අඳියි රළ මත

ඉරිඟු යායට වදින ගිරවිය
ලෙසින මම මුදු සුමුදු තටු ගෙන
ඔබේ කවි හේනෙන් මෑත් වී
විසල් අහසට නඟිමි සකිසඳ

ඉඳින් නොවිදිනු මැනවි ගොවිසඳ
වස්දඬුව රිදවන කවිය අද
ඔබේ කවි දුනු හී වැදී හද
කඳුළු බිඳුවක් සලිත වී ඇත

pic. - bta29.deviantart.com

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.