Wednesday, January 30, 2013

ගිරවියේ මට හරි ම තනිකමක් දැනෙනවා

අතු ඉති දිගේ ඇවිද මලිති ඇමිණූ එදා
උදෑසන අකුරු මත ආදරය තටු විදා
වෙන අතක වෙන අතක් පතා ගියමුත් මෙදා
ගිරවියේ මට හරි ම තනිකමක් දැනෙනවා
ආදරය ඉසියුම් ව රන් අකුරු මත තබා
නිළි වැස්ස හැමදා ම කඳු දිගේ වහිනවා
මා හදේ කෙටූ සුමිහිරි ගීය වැයෙනවා
මැකී ගිය රන් පාට මං තාම හොයනවා

නොදන්නා බස්වලින් නොදන්නා කවි වලින්
නොදන්නා ආරකට කතා කෙරුවත් එදා
නුඹ නොදන්නා නුඹට නොතේරෙන තරමට ම
මං මගේ පෙම්වතිය නුඹට ආලය කළා
 pic. - photocase.com 

No comments:

Post a Comment